මාතලේ සමූහ මිනී වළේ අස්ථි කොටස් චීනයට.

Wednesday, 23 October 2013 - 7:41

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%96%E0%B7%84+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%93+%E0%B7%80%E0%B7%85%E0%B7%9A+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7.



මාතලේ රෝහල් භූමියෙන් හමුවූ සමූහ මිනීවලේ අස්ථි කොටස් කාල නිර්ණය කිරීම සඳහා විදේශ රටකට යවන ලෙස මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව සමූහ මිනීවලෙන් හමුවූ අස්ථි කොටස් 154 න් අහඹු ලෙස තෝරාගත් අස්ථි කැබලි 6 ක් චීනයේ බීජිං නුවර පිහිටි රසායනාගාරයකට යැවීමට පියවර ගන්නා බව මාතලේ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් ජයසේන හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා. අධිකරණ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ වනවිටත් සමූහ මිනීවලෙන් හමුවූ අස්ථි කොටස් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකරමින් පවතින බවයි.

 

2012 වසරේ නොවැම්බර් 23 වැනි දා මාතලේ රෝහල් භූමියෙන් මෙම සමූහ මිනීවළ සොයා ගත්තේ එහි ජීව වායු ඒකකයක් ඉදිකිරීම සඳහා සිදුකළ කැණීම්වලදියි. ඒ සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු කණ්ඩායමක් කළ පරීක්ෂණවලදී අනාවරණ වුණේ මෙම අස්ථි කොටස් 1987 - 1990 කාලයට අයත් බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories