ලිංගික අතවරයක් කළ ප්‍රා.ස. මන්ත්‍රීවරයෙකුට වසර 7 ක සිර දඬුවම්.

Wednesday, 23 October 2013 - 16:17

%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F.%E0%B7%83.+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+7+%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A.

බාලවයස්කාර පිරිමි ළමයෙකු ලිංගික අතවරයකට ලක් කිරීමේ චෝදනාවකට වරදකරු වූ බේරුවල ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රිවරයෙකු වන රත්නසිරි කළුපෙරුමට කළුතර මහාධිකරණය අද (23) වසර හතක බරපතල වැඩසහිත සිරදඬුවම් නියම කළා. 2004 වසරේ මතුගම ප්‍රදේශයේදී අදාළ පිරිමි ළමයා අපයෝජනයට ලක් කර ඇති බවටයි චෝදනා එල්ල වී තිබුණේ. නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කළුතර මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න වරදකරු වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාට නියෝග කළේ අගතියට පත් දරුවාට රුපියල් ලක්ෂ 6 ක වන්දි මුදලක්ද ගෙවන ලෙසයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories