වීඩියෝ : ශිරාණිගේ පෙත්සම්වලට මැදිහත්වීමට ඉල්ලූ ජාත්‍යන්තර පෙත්සම් ඉවතට.

Wednesday, 23 October 2013 - 18:48

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B7%81%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%AB%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B7%84%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7.


හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධ විශේෂ අභියාචනා පෙත්සමට මැදිහත්වීමට ඉඩ ලබාදෙන ලෙස ඉල්ලා ජාත්‍යන්තර සංගම් දෙකක් කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය අද ඉවත දමනු ලැබුවා. පොදු රාජ්‍ය මණ්ඩලීය නීති සංගමය සහ එංගලන්තයේ වේල්ස් මානව හිමිකම් කමිටුවයි මෙම ඉල්ලීම කර තිබුණේ. අද මෙම පෙත්සම් සලීම් මර්ෂුක්, චන්ද්‍රා ඒකනායක, සත්‍ය හෙට්ටිගේ, ඊවා වනසුන්දර සහ රෝහිණී මාරසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගනු ලැබුවා.

 

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ලබාදුන් තීන්දුව බලරහිත කරමින් මීට පෙර අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කළා. එය බලරහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ අභියාචනා පෙත්සමක් ගොනු කළ අතර එම අභියාචනා පෙත්සමට මැදිහත්වීමට ඉඩ ලබාදෙන මෙම මෙම ජාත්‍යන්තර  ආයතන දෙක ඉල්ලීම් කර තිබුණා. එහෙත් විදේශ ආයතනවලට හිටපු අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධයෙන් විශේෂ අභියාචනා පෙත්සමට මැදිහත්වීමේ නීතිමය බැදීමක් නොමැති බවට නීතිපතිවරයා අද පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කරුණු දක්වා තිබෙනවා. එය සළකා බලමිනුයි පංච පුද්ගල විනිසුරු මඩුල්ල මෙලෙස අදාළ පෙත්සම් ඉවත දමනු ලැබුවේ. රටේ අභ්‍යන්තර ගැටළු පිළිබඳ විභාගවන අධිකරණ කටයුත්තකට විදේශ මැදිහත්වීම අනවශ්‍ය බවද මෙහිදී විනිසුරු මණ්ඩලය ප්‍රකාශ කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories