UPDATE : වීඩියෝ: තහනම් උත්තේජක ගත් ක්‍රීඩකයන් රාබු කන්නෙ ඇයි ?

Thursday, 24 October 2013 - 19:11

UPDATE+%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A%E0%B6%A2%E0%B6%9A+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B7%94+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99+%E0%B6%87%E0%B6%BA%E0%B7%92+%3F

ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව ඊයේ (24) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් පැවති විවාදයෙන් අනතුරුව සංශෝධන සහිතව මෙම පනත් කෙටුම්පත සම්මත වී තිබෙනවා. එහිදී තහනම් උත්තේජක ගත් ක්‍රීඩකයන් රාබු ආහාරයට ගන්නා බවත් හෙළි වුණා. ඒ පිළිබඳ තොරතුරු ඇතුළත් මැතිසබය විශේෂාංගය දැන්.

 
[MP3]s69940[/MP3]

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 25 සිකුරාදා- පෙරවරු   7:39

------------------------------------------------------------

සියලූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සමාන ආරක්ෂාවක් - කථානායක.


පෙර පුවත  2013 ඔක්තෝබර් 24 බ්‍රහස්පතින්දා- පස්වරු 07:11

සියලූම මන්ත්‍රීවරුන්ට එක  සමාන ආරක්ෂාවක් ලබාදෙන ලෙසට පොලිස්පතිවරයාට දැනුම්දෙන බව කථානායක චමල් රාජපක්ෂ අද (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර ඉදිරිපත් කළ වරප්‍රසාද ප්‍රශ්නයක් අවස්ථාවේදීයි කථානායකවරයා මේ බව කියා සිටියේ. අද පස්වරුවේ පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කිරීමෙන් පසුව මංගල සමරවීර මන්ත්‍රීවරයා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් කියා සිටියේ තමාට ජීවිත තර්ජන පවතින බවයි. මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිලි කර ඇති බවද ඔහු සඳහන් කළා.

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories