UPDATE :වීඩියෝ: උතුරේ ආණ්ඩුකාරවරයා ඉවත් කළ යුතුයි. - මහඇමති විග්නේෂ්වරන්.

Friday, 25 October 2013 - 7:40

UPDATE+%3A%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%B8%E0%B7%84%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A.

උතුරු ආණ්ඩුකාර මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි එම තනතුරෙන් ඉවත් කළ යුතු බව උතුරු පළාත් මහඇමති සී.වී. විග්නේෂ්වරන් පවසනවා. අද (25) පැවැති උතුරු පළාත් සභාවේ මංගල සැසි වාරය අමතමින් ඔහු සඳහන් කළේ  ආරක්ෂක හමුදාවෙන් වෙන් කර ගත නොහැකි පුද්ගලයෙකු උතුරේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කිරීම මෙහි සිවිල් පරිපාලනයට බාධාවක් බවයි. රජයට උතුරේ සිවිල් පරිපාලනය ඇති කිරීමේ අවශ්‍යතාවක් තිබෙනවා නම්, ආණ්ඩුකාරවරයා ලෙස එයට සුදුසු සිවිල් පුද්ගලයෙකු පත් කළ යුතුයි. ඔහුට යුද්ධයෙන් පීඩාවට පත්වෙච්ච ජනතාව පිළිබදව, උතුරේ සංවර්ධනය පිළිබදව මෙන්ම හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පිළිබදවත්, ඔවුන් සමාජගත කිරීම සම්බන්ධයෙනුත් අවබෝධයක් තිබිය යුතුයි. එවැනි පුද්ගලයෙක් උතුරේ ආණ්ඩුකාරයාවීම තමයි මෙහි ජනතාවගේ බලාපොරොත්තුව.

එමෙන්ම ලංකාවේ පුරවැසියන්වීම ගැන දෙමළ ජනතාව තමන් වගේම සතුටු වන බව සිංහල ජනතාව තේරුම් ගත යුතු බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ. සිංහල ජනතාව වගේම දෙමළ ජනතාවත් මේ රටේ කොටස්කරුවන්. කල් බදුකරුවන් ලෙස මේ රටේ වාසය කරන්න දෙමළ ජනතාව බලාපොරොත්තු නොවන බව සිංහල ජනතාව සිතට ගන්න  ඕන. 2009 වසරේදි ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා හමුවේ පොරොන්දු වූයේ 13 වන සංශෝධනයට එහා ගිය විසදුමක් ලබාදෙනවා කියලා. ඉතින් ඒක අපි බලාපොරොත්තු වනවා. 1990 පසු උතුරෙන් පළවා හැරි මුස්ලිම් ජනතාව නැවත උතුරේ පදිංචි කිරීමට පියවර ගත යුතුයි. හැබැයි නැවත පදිංචි කිරීම් පෙන්වා දීලා උතුරේ කවදාවත් පදිංචිව නොසිටි අය මෙහි ගෙනැවිත් පදිංචි කරන්න උත්සාහ කරනවා නම් අපි ඊට විරුද්ධ වෙනවා. ඒ විදියට උතුරේ ජන සංයුතිය වෙනස් කිරීමේ උත්සාහයන්ට ඉඩ දෙන්නට බැහැ. උතුරේ ජීවත් වන දෙමළ ජනතාවගේ භාෂාව, සංස්කෘතිය සහ ජීවන තත්ත්වය පිළිබඳව අවබෝධයක් නැති දීර්ඝ කාලීන ලෙස උතුරේ සිටින පොලිස් නිලධාරින් අපිට බාධාවක්. ඒ නිසා උතුරේ සිටින දෙමළ කතා කළ හැකි පුද්ගලයින් පොලිස් සේවයට බඳවාගෙන ඔවුන්ට 13 වන සංශෝධනයේ ඇති පොලිස් බලතල පිළිබඳව අවබෝධයක් ලබාදීලා සේවයේ යෙදවිය යුතු බවට උතුරු මහඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර, උතුරු පළාත් සභාවේ මංගල සැසි වාරයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ එම පළාත් සභාවේ විපක්ෂ නායක ඊ.පී.ඞී.පී. පක්ෂ සාමාජික කන්දසාමි කමලේන්ද්‍රන් කියා සිටියේ උතුරු පළාත් සභාව පිහිටුවීම තුළින් දෙමළ ජනතාවගේ සිහිනය ඉටු වූ බවයි.

යාපනය - කයිතඩි ප්‍රදේශයේ ඉදිකරන ලද නව පළාත් සභා ගොඩනැගිල්ල අද (25) පෙරවරුවේ විවෘත කෙරුණා. ඒ උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි සහ පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන්. එහිදී උතුරේ නැවත පදිංචි කළ පවුල් 50 කට වෛද්‍ය ප්‍රතිකාර සඳහා චෙක්පත් පිරිනැමීම ද සිදු කෙරුණා.

ඉන් අනතුරුවයි නව පළාත් සභා ගොඩනැගිල්ලේ මංගල සැසි වාරය ආරම්භ කරනු ලැබුවේ. එහිදී පළාත් සභා සභාපතිවරයා ලෙස ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ සී.වී.කේ සිවඥානම් සහ උප සභාපතිවරයා ලෙස එම පක්ෂයේම ඇන්ටනී ජෙගනාදන් පත් කර ගනු ලැබුවා. කෙසේ වුවත් අද (25) පැවැති උතුරු පළාත් සභා මංගල සැසි වාරයට ආණ්ඩුකාර මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි සහභාගි නොවූ අතර ඔහු මීළඟ සභාවාරයට සහභාගිවීමට නියමිත බවයි උතුරු පළාත් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

 

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 25 සිකුරාදා- පස්වරු 07:04

--------------------------------------------------------

පෙර පුවත 2013 ඔක්තෝබර් 25 සිකුරාදා- පස්වරු 12:32

දෙමළ කතා කරන පොලිසියක්  ඕනෑ. - විග්නේෂ්වරන් මංගල සැසියේදී කියයි.

උතුරට දෙමළ කථා කළ හැකි පොලිස් නිලධාරින් අවශ්‍ය බවත්, ඔවුන්ට 13 වන සංශෝධනයේ ඇති පොලිස් බලතල පිළිබඳව අවබෝධයක් ලබාදිය යුතු බවත්, උතුරු පළාත් මහඇමති සී.වී.විග්නේෂ්වරන් ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ උතුරු පළාත් සභා මංගල සැසිවාරයට අද (25) එක්වෙමින්.

යාපනය - කයිතඩි ප්‍රදේශයේ ඉදිකරන ලද නව පළාත් සභා ගොඩනැගිල්ල අද පෙරවරුවේ විවෘත කෙරුණා. ඒ උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි සහ පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන්. එහිදී උතුරේ නැවත පදිංචි කළ පවුල් 50 කට වෛද්‍ය ප්‍රතිකාර සඳහා චෙක්පත් පිරිනැමීම ද සිදු කෙරුණා.

ඉන් අනතුරුවයි නව පළාත් සභා ගොඩනැගිල්ලේ මංගල සැසිවාරය ආරම්භ කරනු ලැබුවේ. එහිදී පළාත් සභා සභාපතිවරයා ලෙස ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ සී.වී.කේ සිවඥානම් සහ උප සභාපතිවරයා ලෙස එම පක්ෂයේම ඇන්ටනී ජෙගනාදන් පත් කර ගනු ලැබුවා. ඉන් අනතුරුව සභාව ඇමතූ මහඇමතිවරයා කියා සිටියේ උතුරේ වෙසෙන දෙමළ ජනතාවගේ සංස්කෘතිය, ජීවන තත්ත්වය සහ භාෂාව පිළිබඳව අවබෝධයක් නොමැති පොලිස් නිලධාරින් එම ජනතාවට බාධාවක් බවයි.

 

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 25 සිකුරාදා- පස්වරු 12:32

------------------------------------------------------

උතුරු පළාත් සභාවේ මංගල සැසිය ඇරඹේ.

උතුරු පළාත් සභාවේ මංගල සැසිවාරය මේ වනවිට ආරම්භ වී තිබෙනවා. ඒ අද (25) පෙරවරුවේ විවෘත කෙරුණු යාපනයේ - කයිතඩිහි ඉදිකරන ලද නව පළාත් සභා සංකීර්ණයේදීයි. එහිදී පළාත් සභා සභාපතිවරයා ලෙස ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ සී.වී.කේ සිවඥානම් තෝරා පත් කර ගෙන තිබෙනවා.

පෙර පුවත 2013 ඔක්තෝබර් 25 සිකුරාදා- පෙරවරු 10:12

-------------------------------------------------

උතුර පලාත් සභාවේ මංගල සැසිවාරය අද.

පෙර පුවත 2013 ඔක්තෝබර් 25 සිකුරාදා- පෙරවරු 07:40

උතුර පළාත් සභාවේ මංගල සැසිවාරය අද (25) ආරම්භ වනවා. යාපනය - කයිතඩි හි ඉදිවු නව පළාත් සභා සංකීර්ණය විවෘත කර ප්‍රථම පළාත් සභාවේ මංගල සැසිවාරය මෙලෙස පවත්වනු ඇති. පසුගිය සැප්තැම්බර් මස 21 වැනි දින පැවති උතුර පළාත් සභා මැතිවරණයෙන් දෙමළ ජාතික සන්ධානය ජයග්‍රහණය කළා. එහිදී ඔවුන් ප්‍රසාද මන්ත්‍රී ආසන 2ක ද සහිතව ආසන 30 ක් හිමිකර ගත් අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී ආසන 7 ක් උතුර පළාත් සභාවෙන් හිමිවුණා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ද එක් මන්ත්‍රී ආසනයක් හිමිව තිබෙනවා.

 
කෙසේ වෙතත්, දෙමළ ජාතික සන්ධානය තුළ මැතිවරණයෙන් පසු අමාත්‍ය ධුර ලබා දීම සම්බන්ධයෙන් ගැටලූකාරි තත්ත්වයක් මතු වුණා. ඒ අනුව, පසුගිය 11 වැනිදා සිදුවූ මන්ත්‍රීවරුන් දිවුරුම්දීමේ උත්සවයට එක්ව සිටියේ මන්ත්‍රීවරු 21 දෙනෙකු පමණයි. ඊ.පී.ආර්.එල්.එෆ්, සංවිධානයේ මන්ත්‍රීවරුන් 5 දෙනෙකු ටෙලෝ සංවිධානයේ එම්.කේ. සිවාජිලිංගම් මන්ත්‍රීවරයා සහ ප්ලොට් සංවිධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙකු එම අවස්ථාව වර්ජනය කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories