ඇමෙරිකාව ලෝක නායකයන් 35 කගේ ඔත්තු බලයි.

Friday, 25 October 2013 - 7:56

%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+35+%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.


ඇමෙරිකානු ජාතික ඔත්තු සේවා ඒජන්සිය ලෝක නායකයන් 35 දෙනෙකුගේ දුරකථන සංවාදවලට රහසිගතව සවන් දී ඇති බවට නව වාර්තාවකින් තොරතුරු හෙළි වී තිබෙනවා. එඞ්වඞ් ස්නෝඩන් විසින් සපයන ලද තොරතුරු අනුව ප්‍රකාශිත ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ රහසිගත කේබල් පණිවුඩයක මේ බව සඳහන්. විදේශීය රාජ්‍ය නායකයන් සහ දේශපාලඥයන් පිළිබඳ මෙම ඔත්තු බැලීමේ ව්‍යාපෘතිය ඍජුවම ධවල මන්දිරයට සම්බන්ධ වූ බවයි එහි දැක්වෙන්නේ. එම ලැයිස්තුවට දුරකථන අංක 200 ක් ඇතුළත්ව ඇති අතර ලෝක නායකයන් 35 දෙනෙකුගේ අංක ද ඊට ඇතුළත්. කෙසේ නමුත්, එම නායකයන්ගේ නම් මෙතෙක් හෙළිදරව් කර නැහැ.

 

මෙම නව හෙළිදරව්ව සිදුකෙරුණේ සිය දුරකථන සංවාදවලට ඇමෙරිකානු ඔත්තු සේවා සවන් දුන් බව හෙළිවීමෙන් පසු ජර්මානු චාන්ස්ලර් ඇන්ජලා මර්කල් දැඩි ප්‍රතිචාරයක් දැක්වීමෙන් පසුවයි. ප්‍රංශය සහ ඉතාලිය ද ඇමෙරිකානු ඔත්තු සේවා මෙහෙයුමේ ගොදුරු බවට පත්වීමත් සමඟ එම තත්ත්වය තවත් උණුසුම් වුණා. මේ නිසා බ්‍රසල්ස් නුවරදී යුරෝපා සංගමයේ විශේෂ සාකච්ඡාවක් ද කැඳවනු ලැබුවා. මේ සම්බන්ධයෙන් ප්‍රංශය සහ ජර්මනිය එක්වී ඇමෙරිකාව සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව ජර්මන් නායිකාව එහිදී සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories