බස්නාහිර විදුහල්පතිවරුන් බිය ගන්වයි. - ජෝශප් ස්ටාලින්.

Friday, 25 October 2013 - 18:51

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%A2%E0%B7%9D%E0%B7%81%E0%B6%B4%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A.

බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම්වරයා, පළාත් මහඇමති මෙන්ම අධ්‍යාපන අමාත්‍යවරයා ද වන ප්‍රසන්න රණතුංගගේ දේශපාලන කටයුතු සිදුකරමින් සිටින බවට ලංකා ගුරු සංගමය චෝදනා කරනවා. එහි ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ හෙට (26) පැවැත්වෙන සුපසන් නිම්තෙර ගුරු පවුර නැමැති ප්‍රධාන අමාත්‍යවරයාගේ දේශපාලන වැඩසටහනකට සහභාගි වන ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරුන්ට පළාත් අධ්‍යාපන ලේකම්වරයා ලිපියකින් දැනුම් දී ඇති බවයි. මෙම වැඩසටහන පිළිබදව දැනුවත් කිරීමේ වැඩමුළුවක් කොළඹ දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරුන්ට පසුගිය ඔක්තෝම්බර් මස 4 වන දා පැවැත්වුණේ කොළඹ මහානාම විද්‍යාලයේදියි. එවැනි තවත් වැඩමුළුවක් කොළඹ ටී.බී. ඡායා මහා විද්‍යාලයේ දී හෙට පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මීට පෙර පැවැති වැඩමුළුවට සහභාගි නොවූ විදුහල්පතිවරුන්ට හෙට පැවැත්වෙන රැස්වීම අනිවාර්ය කර ඇති අතර, ඊට සහභාගි නොවුණහොත් විදුහල්පති තනතුරෙන් ඉවත් කරන බවට පළාත් අධ්‍යාපන ලේකම්වරයා ලිපියෙන් දැනුම් දී ඇති බවයි ජෝශප් ස්ටාලින් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

ලංකා ගුරු සංගමය එල්ල කරන මෙම චෝදනාව පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් එස්.ටී. කොඩිකාරගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙම වැඩමුළුවට සහභාගිවීමට විදුහල්පතිවරුන්ට කිසිඳු බලපෑමක් සිදුකර නොමැති බවයි.
 
බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම්වරයා මෙම කරුණ ප්‍රතික්ෂේප කළත්, ඔහු විදුහල්පතිවරුන්ට යැවූ ලිපිය හිරු ප්‍රවෘත්ති අංශය වෙත ලැබී තිබෙනවා. එහි සඳහන් වන්නේ කොළඹ මහානාම විද්‍යාලයේ පැවැති වැඩමුළුවට සහභාගි නොවූ විදුහල්පතිවරුන් හෙට (26) පැවැත්වෙන ගුරු පවුර වැඩමුළුවට අනිවාර්යෙන්ම සහභාගි විය යුතු බවයි. ඊට සහභාගි නොවුණහොත් දැනට දරණ විදුහල්පති ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවට ද එම ලිපියේ දක්වා තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories