UPDATE : වීඩියෝ: වසරකට රිය අනතුරු 42,000ක්.

Saturday, 26 October 2013 - 7:57

UPDATE+%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+42%2C000%E0%B6%9A%E0%B7%8A.

පුත්තලම - කරුවලගස්වැව ප්‍රදේශයේ අද (26) උදෑසන සිදුවූ රිය අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව 3ක් දක්වා ඉහළ ගියා. ඒ, අනතුරෙන් තුවාල ලබා රෝහල් ගත කෙරුණු මාස 10ක කුඩා දරුවා ද ජීවිතක්ෂයට පත්වීමත් සමඟයි.  කරුවලගස්වැව - 12 කණුව ප්‍රදේශයේ නවතා තිබූ සිමෙන්ති පැටවූ ලොරියක, වෑන් රථයක් ගැටීමෙනුයි අද (26) උදෑසන මෙම අනතුර සිදුවුණේ. එහිදී තවත් පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු මිය ගිය අතර, තුවාල ලැබූ 5 දෙනෙකු පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබනවා. මාදම්පේ ප්‍රදේශයේ පදිංචි මෙම පිරිස අනුරාධපුරයේ වන්දනා ගමනක් යන අතරතුරදීයි මෙම අනතුරට මුහුණ දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.  කරුවලගස්වැව ප්‍රදේශයේ මීට පෙර ද මාරක රිය අනතුරු කිහිපයක් සිදුවුණා.



 
මේ අතර, මාර්ග අනතුරු වැඩිවීම් සැලකිල්ලට ගෙන ධාවනයට නුසුදුසු තත්ත්වයේ පසුවන රථවාහන සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලීසියේ අවධානය යොමු වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ මෝටර් රථ දෙපාර්තමේන්තුව සමඟ එක්ව ඉදිරියේ දී නව නීති හඳුන්වා දීමට අවධානය යොමුව ඇති බවයි. වසරකට ශ්‍රී ලංකාවෙන් රිය අනතුරු 42,000ක් පමණ වාර්තා වන බව ඔහු කියා සිටියා. ඒවායෙන් 2500ක් පමණ මිය යන අතර තුවාල ලබන සංඛ්‍යාව 15,000ක්.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 26 සෙනසුරාදා- පස්වරු 12:21

-------------------------------------------------------

කරුවලගස්වැව රිය අනතුරින් මිය ගිය සංඛ්‍යාව 3 දක්වා ඉහළට.

පුත්තලම - කරුවලගස්වැව ප්‍රදේශයේ අද (26) උදෑසන සිදුවූ රිය අනතුරෙන් තුවාල ලබා රෝහල් ගත කෙරුණු මාස 10ක කුඩා දරුවා ද ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. කරුවලගස්වැව - 12 කණුව ප්‍රදේශයේ නවතා තිබූ සිමෙන්ති පැටවූ ලොරියක, වෑන් රථයක් ගැටී අද උදෑසන සිදුවූ මෙම අනතුරින් තවත් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගියා. මේ අනුව අනතුරින් සිදුවූ ඇති මරණ සංඛ්‍යාව 3 දක්වා ඉහළ යනවා. මාදම්පේ ප්‍රදේශයේ පදිංචි මොවුන් අනුරාධපුරයේ වන්දනා ගමනක් යන අතරතුරදී මෙම අනතුර සිදුව ඇති බවයි කරුවලගස්වැව පොලීසිය සඳහන් කළේ. මෙහිදී තුවාල ලැබූ තවත් 6 දෙනෙකු තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කෙරුණා.

පෙර පුවත 2013 ඔක්තෝබර් 26 සෙනසුරාදා- පෙරවරු 8:22

----------------------------------------------

අනතුරු 2කින් පුද්ගලයන් 3ක් මරුට.


පෙර පුවත 2013 ඔක්තෝබර් 26 සෙනසුරාදා- පෙරවරු 07:57

කරුවලගස්වැව ප්‍රදේශයේ නවතා තිබූ ලොරියක, වෑන් රථයක් ගැටී අද (26) උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. කරුවලගස්වැව  - 12 කණුව අසළ නවතා තිබූ සිමෙන්ති පැටවූ ලොරියකයි මෙම වෑන් රිය ගැටී ඇත්තේ. මාදම්පේ ප්‍රදේශයේ පදිංචි මොවුන් ආගමික කටයුත්තක් සඳහා යන අතරතුරදී මෙම අනතුර සිදුව ඇති බවයි කරුවලගස්වැව පොලීසිය සඳහන් කළේ. මෙහිදී කුඩා දරුවෙකු ඇතුළු තවත් 7 දෙනෙකු තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කෙරුණා.  

 

මේ අතර, මාතර - කතරගම ප්‍රධාන මාර්ගයේ අද (26) අලූයම සිදුවූ බස් රථ - ත්‍රිරෝද ගැටුමකින් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් 3 දෙනෙකු තුවාල ලැබුවා. අහංගම ප්‍රදේශයේ පදිංචි මොවුන් සාදයකට සහභාගි වී ත්‍රිරෝද රථයෙන් පැමිණෙන විටයි මෙම අනතුරට මුහුණ දී ඇත්තේ. කතරගම  සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් මිය ගියේ ත්‍රිරෝද රථයේ රියදුරායි. එහි ගමන් අනෙක් තුන්දෙනා ගාල්ල - කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories