අපචාර කළ රක්වානේ විදුහල්පති අත්අඩංගුවේ.

Saturday, 26 October 2013 - 18:58

%E0%B6%85%E0%B6%B4%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9A%E0%B7%85+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B7%9A.

පාසල් සිසුන් කිහිපදෙනෙකුට ලිංගික අතවර කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් රක්වාන - කැන්දපොල ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු පොලිසිය මගින් අද (26) අත්අඩංගුවට ගැණුනා. ළමා රක්ෂණ අධිකාරියෙන් ලබාදුන් තොරතුරක් මත අදාළ විදුහල්පතිවරයා අද අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. මෙලෙස විදුහල්පතිවරයා අතින් අතවරයට ලක්ව ඇත්තේ එම පාසලේම ඉගෙනුම ලබන වයස අවුරුදු 9 ත් 10 ත් අතර වයස් සීමාවේ පසුවන පිරිමි ළමුන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. මෙවැනි පුද්ගලයන් සඳහා නීතියෙන් ලබාදිය හැකි උපරිම දඬුවම් ලබාදීමට කටයුතු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories