චෝගම් එපා කියන පක්ෂ රටට බාධාවක් - ආණ්ඩුව.

Saturday, 26 October 2013 - 19:11

%E0%B6%A0%E0%B7%9D%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%BB%E0%B6%A7%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80.

පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගි නොවන බව ප්‍රකාශ කරන පක්ෂ රටේ ඉදිරි ගමනට බාධා සිදුකරන බව රජය පවසනවා. රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මෙම අදහස් පළ කළේ එම සමුළුවට සහභාගි නොවන බවට දෙමළ ජාතික සන්ධානය අද (26) සිදුකළ ප්‍රකාශය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදීයි.

පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගි නොවීමට තම පක්ෂය තීරණය කළ බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා සඳහන් කළා.

මේ අතර, හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ද ප්‍රකාශ කළේ ආරාධනයක් ලැබුණත්, සමුළුවට සහභාගි නොවන බවයි.

එක්සත් ජාතික පක්ෂය පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ ඉදිරි කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී ඒ පිළිබඳව සාකච්ඡා කරනු ඇති බවයි.

එහෙත් රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න ප්‍රකාශ කරන්නේ පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව ශ්‍රී ලංකාවට ලැබුණු හොඳ අවස්ථාවක් බවයි. විපක්ෂය කුමන ප්‍රකාශ සිදුකළත් එය සාර්ථකව පැවැත්වීමට රජය කටයුතු කරන බව අමාත්‍යවරයා අවධාරණය කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories