ශ්‍රී ලංකාවේ සංවර්ධනය ආදර්ශයක් - ජගත් සංවිධානය.

Saturday, 26 October 2013 - 19:16

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA.

දශක 3 කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ පැවති යුධ කාල පරිච්ඡේදයෙන් පසු රටේ ඇති වී තිබෙන සංවර්ධනය වෙනත් රටවලට ආදර්ශයක් වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙනවා. එහිදී උතුරු ප්‍රදේශයේ නැවත පදිංචි කිරීම සහ ප්‍රතිසංස්කරණයෙහි ප්‍රගතියක් අත්පත් කර ගෙන ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංවර්ධන වැඩසටහනෙහි සහ මානවවාදී කටයුතු පිළිබඳ නේවාසික නියෝජිත සුබිනේ නැන්ඩි පෙන්වා දෙනවා. ඔහු සඳහන් කර ඇත්තේ පුනරුත්ථාපන ක්‍රියාවලියේ දී සතුටුදායක තත්ත්වයක් දක්නට ලැබීම යහපත් තත්ත්වයක් බවයි. උතුර පළාත් සභා මැතිවරණය පවත්වමින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට හැකිවීම සියලූදෙනාගේ ඇගයීමට ලක්විය යුතු බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංවර්ධන වැඩසටහනෙහි නේවාසික සම්බන්ධීකාරක සුබිනේ නැන්ඩි පෙන්වා දී තිබෙනවා.

මානුෂීය මෙහෙයුමෙන් අනතුරුව රටක් ලෙස ලබාගෙන ඇති ජයග්‍රහණ සහ ප්‍රතිසන්ධානය අතර පවතින සම්බන්ධකම් සහ සංහිඳියාව ඇති කිරීමට දරන ප්‍රයත්නය ප්‍රවේශමෙන් ගොඩනගා ගත යුතු බව ද ඔහු පෙන්වා දී තිබුණා. ඒ සඳහා දේශපාලන වශයෙන් කැප කිරීම් කිරීමට සිදුවන බවත්, ඒ තුළින් සුළු ජාතීන්ගේ අයිතිවාසිකම්වලට මෙන්ම, ඔවුන්ගේ අනන්‍යතාවයට ද වටිනාකමක් ලබාදීමට හැකි බවයි වැඩිදුරටත් සුබිනේ නැන්ඩි සඳහන් කර ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories