පාකිස්ථානය, ශ්‍රී ලංකාවට ප්‍රහාරක යානා විකිණීමට සැරසේ.

Sunday, 27 October 2013 - 12:51

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%2C+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A.

පාකිස්ථානය, සිය ගුවන් හමුදාවේ ප්‍රධානතම ප්‍රහාරක යානය බවට පත්ව ඇති අති නවීන ජේ.එෆ් - 17 වර්ගයේ තන්ඩර් ප්‍රහාරක යානා ලබන වසරේ සිට ශ්‍රී ලංකාව ඇතුලූ මිතුරු රටවල් කිහිපයකට විකිණීමට තීරණය කර තිබෙනවා. එරට නේෂන් ප්‍රවෘත්ති සේවාව සඳහන් කළේ පාකිස්ථානය චීනයේ සහය ඇතිව මෙම නවීන ප්‍රහාරක යානය සංවර්ධනය කර ඇති බවයි. විවිධාකාරයේ මිසයිල සහ බෝම්බ හැසිරවිය හැකි මෙම යානය මගින් ගුවනේ සිට ගුවනේ ඉලක්ක වෙත මෙන්ම ගොඩබිම් ඉලක්ක වෙතද ප්‍රහාර එල්ල කළ හැකිවීම විශේෂත්වයක්. එමෙන්ම ගුවනේ සිට තොරතුරු සෙවීම, ගොඩබිම් ප්‍රහාර සහ සතුරු යානා වැළැක්වීම ආදී විවිධ යුද කටයුතු සඳහා ජේ.එෆ් 17 ප්‍රහාරක යානය යොදාගත හැකියි. මෙම යානා ශ්‍රී ලංකාව, කුවේටය, කටාරය ඇතුලූ මිතුරු රටවල් වෙත විකිණීමට පාකිස්ථානය අදහස් කරන බවයි එරට නේෂන් පුවත්පත් සේවාව සඳහන් කළේ.

මේ අතර, පකිස්ථාන නාවික හමුදාවට අයත් යුද නෞකා දෙකක් කොළඹ වරායට පැමිණ තිබෙනවා. සුහද සංචාරයක් සඳහා දිවයිනට පැමිණ ඇති ඔවුන් මෙරට නාවික හමුදාපතිවරයාද හමුවීමට නියමිත බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය සඳහන් කළේ. නසාර් සහ කයිබර් නැමති මෙම යුද නෞකා දෙක ලබන 30 වැනිදා දක්වා කොළඹ වරායේ රැඳී සිටිනු ඇති. මෙම පාකිස්ථාන යුද නෞකා ශ්‍රී ලංකාවේදී යුද අභ්‍යාසයකද නිරතවන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories