UPDATE :වීඩියෝ: කුර්ෂිඞ්ට යන්න එපා කියා තමිල්නාඩු වැසියෙක් සිය දිවි නසා ගනී.

Sunday, 27 October 2013 - 12:54

UPDATE+%3A%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%9E%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%83%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීමට විරෝධය පළ කරමින් ඉන්දියාවේ තමිල්නාඩු වැසියෙකු ඊයේ (28) සිය දිවි හානිකරගෙන තිබෙනවා. තමිල්නාඩුවේ ක්‍රිෂ්ණගිරි ප්‍රදේශයේ ජීවත් වන 43 හැවිරිදි ගොවියෙකුයි මෙලෙස සිය දිවි හානිකරගෙන ඇත්තේ. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා කිසිඳු ඉන්දියානුවෙකු සහභාගි නොවිය යුතු බව සිය දිවි නසා ගැනීමට පෙර ඔහු ප්‍රකාශ කර තිබෙනවා. සිරුරට ගිනි තබා ගත් මෙම පුද්ගලයා රෝහල් ගත කිරීමට ඉන්දීය පොලීසිය පියවර ගත්ත ද ඊට පෙර ඔහු මිය ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

 
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ්ගේ ශ්‍රී ලංකා ගමනට විරෝධය පළ කරමින් ඊයේ (28) තමිල්නාඩුවේ ඞී.එම්.කේ පක්ෂ නායක එම්. කරුණානිධි ඇතුළු පක්ෂ කිහිපයක නායකයින් ද සිය විරෝධය පළ කර තිබුණා.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 29 අඟහරුවාදා- පෙරවරු 7:40

-----------------------------------------------------

කුර්ෂිඞ්ගෙත් ලංකා ගමනට බාධා.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලය රාජ්‍ය නායක සමුළුවට සිය සහභාගීත්වය සහතික කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් කළ ප්‍රකාශයට තමිල්නාඩු දේශපාලන පක්ෂවලින් විරෝධය පළ වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ තමිල්නාඩු ඞී.එම්.කේ. පක්ෂ නායක මුත්තුවේල් කරුණානිධි කියා සිටියේ සල්මාන් කුර්ෂිඞ් සිදුකර ඇත්තේ බලාපොරොත්තු සුන් කරන, තමිල්නාඩු ජනතාව කම්පනයට පත්කරන ප්‍රකාශයක් බවයි. මේ සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වහා ප්‍රකාශයක් සිදුකළ යුතු යැයි ඔහු ඉල්ලා සිටියා. කරුණානිධිගේ ඞී.එම්.කේ. පක්ෂය පසුගිය මාර්තු මාසයේ කොංග්‍රස් සන්ධාන රජයෙන් ඉවත් වූයේ ද ශ්‍රී ලංකාව මුල් කරගෙනයි. කෙසේ නමුත් ඔවුන් තවමත් කොංග්‍රසයේ සහායක පක්ෂයක් ලෙස සැලකෙනවා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් පසුගිය සති අන්තයේ ප්‍රකාශ කළේ තමා අනිවාර්යෙන්ම පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවට සහභාගි වන අතර, ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව පිළිබද ගැටළුව ඉන්දීය රජයට තවදුරටත් වැදගත් වන බවයි. එහෙත් ශ්‍රී ලංකාව සමඟ කටයුතු කිරීමකින් තොරව ඉන්දියාවට සිය අභිලාෂයන් ඉටු කර ගැනීමට හැකියාවක් නොලැබෙන බව ඔහු සඳහන් කළා. ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා නොකර අවම වශයෙන් තමිල්නාඩු ධීවර ගැටළුවට හෝ විසඳුමක් ලබා ගැනීමට හැකිවේදැයි කුර්ෂිඞ් ප්‍රශ්න කළා.

මේ අතර, තමිල්නාඩු පාටලී මක්කල් පක්ෂ නායක රාම්දාස්, ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ්ගේ ප්‍රකාශය හෙළා දැක තිබෙනවා. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සමුළුවට සිය සහභාගීත්වය සහතික කළ කුර්ෂිඞ් ඉන්දීය අමාත්‍ය මණ්ඩලයෙන් ද නෙරපිය යුතු බවයි ඔහු කියා සිටියේ. ඉන්දීය රජය විසින් සමුළුව සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති අවස්ථාවක විදේශ කටයුතු අමාත්‍ය කුර්ෂිඞ් සමුළුවට ඉන්දියාවේ සහභාගීත්වය සනාථ කළේ කෙසේ දැයි ඔහු ප්‍රශ්න කළා.

තමිල්නාඩු ඞී.එම්.ඞී.කේ. පක්ෂ නායක විජයකාන්ත් විසින් ද කුර්ෂිඞ්ගේ තීරණය විවේචනය කළ අතර, ඉන්දියාව සමුළුවට සහභාගි නොවිය යුතු බව සිය පක්ෂයේ ස්ථාවරය යැයි කියා සිටියා. කරුණානිධි සිය ප්‍රකාශයේ දී පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව සම්බන්ධයෙන් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ප්‍රසාද් කාරියවසම් කළ ප්‍රකාශයට ද දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සමුළුව ඉන්දියාව විසින් මුළුමනින්ම වර්ජනය කළ යුතු යැයි තමිල්නාඩු ප්‍රාන්ත සභාව සම්මත කර ගත් යෝජනාවට එරෙහිව මහකොමසාරිස්වරයා අදහස් දක්වා ඇති බවයි ඔහු සදහන් කළේ. මේ නිසා තමිල්නාඩුවේ සියලූ පක්ෂ ඊට එරෙහිව එක්ව විරෝධය පළ කරන බව ද කරුණානිධි කියා සිටියා. 
 
මේ අතර, කොළඹ අද (28) පැවැති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනාය ක ද පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සම්බන්ධයෙන් ඉන්දීය රජයේ ක්‍රියාකලාපය පිළිබද අදහස් පළ කළා. එහිදී ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා පසුගිය කාලයේ ඉන්දීය මධ්‍යම රජය සමග සිදුකළ ගනුදෙනුවල ප්‍රතිඵල මේ වන විට අත්විදිමින් සිටින බවයි.

පෙර පුවත 2013 ඔක්තෝබර් 28 සඳුදා- පස්වරු 06.59

----------------------------------------------------------------

කුර්ෂිඩ්ගේ ශ්‍රී ලංකා ගමන ස්ථීරයි.

පෙර පුවත 2013 ඔක්තෝබර් 27 ඉරිදා- පස්වරු 12:54

ඉන්දියාව කොළඹ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව වර්ජනය කළ යුතු බවට තමිල්නාඩු ප්‍රාන්ත රජය යෝජනාවක් සම්මත කරගනු ලැබුවද, තමා ඒ සඳහා අනිවාර්යයෙන්ම සහභාගී වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සල්මාන් කුර්ෂිඩ් පවසනවා. හින්දු පුවත්පත ප්‍රකාශ කළේ ඉන්දීය නියෝජිත පිරිසේ නායකත්වය දරන්නේ කවුරුන්ද යන්න පමණක් දැන් ගැටළුවක් වී ඇති බවයි. එය ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි, අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං හෝ උප ජනාධිපති හමීඩ් අන්සාරි විසින් දරනු ලබනු ඇති අතර, එසේ නොවුනහොත් විදේශ කටයුතු අමාත්‍යවරයාම ඉන්දීය නියෝජිත පිරිසේ නායකත්වය දරනු ඇතැයි හින්දු පුවත්පත වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වන්නේ ද නැද්ද යන්න ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං ඉදිරි සතියේදී තීරණය කරනු ඇතැයි ඉන්දීය ටෙලිග්‍රාෆ් පුවත්පත පවසනවා. එය සිදුවුවහොත් මන්මෝහන් සිංගේ දෙවන ධුර කාලයේ ප්‍රධානතම විදේශ චාරිකාවක් වනු ඇති බවයි පුවත්පත පෙන්වා දෙන්නේ. එමෙන්ම, එම තීරණය ශ්‍රී ලංකාව සමඟ ඉන්දීය සබඳතා පිලිබඳව තීරණාත්මක එකක් වනු ඇති මෙන්ම, තමිල්නාඩුවට ලබාදෙන පණිවුඩයක් ද වනු ඇති.

ටෙලිග්‍රාෆ් පුවත්පත පෙන්වා දෙන්නේ තමිල්නාඩුවේ බලපෑම මත ඉන්දීය අගමැතිවරයා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සමුළුවට සහභාගි නොවුනහොත් එය කලාපීය බලවතා ලෙස ඉන්දියාවේ තත්ත්වය දුර්වල කරනු ඇති බවයි. එහිදී,    ශ්‍රී ලංකාව වෙත චීනයේ බලපෑම වර්ධනය වීමක් අපේක්ෂා කළ හැකියි.  ශ්‍ර‍්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටලූ පිලිබඳව ඉන්දියාවට කළ හැකි බලපෑම ද එමගින් හීන වන බව  ටෙලිග්‍රාෆ් පුවත්පතේ අදහසයි.

ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් උපුටා දක්වමින් පුවත්පත සඳහන් කළේ ප්‍රාන්ත දේශපාලනයට නතු වී ඉන්දීය මධ්‍යම රජයේ විදේශ ප්‍රතිපත්තිය තීරණය කිරීම දැඩි අනතුරුදායක තත්ත්වයක් බවයි. බටහිර බෙංගාල ප්‍රාන්තයේ බලපෑම් හේතුවෙන් ඉන්දියාවට බංග්ලාදේශ සබඳතා පිළිබඳව ද මේ ආකාරයේ ගැටලූවක් 2011 වසරේ පැන නැගුණා. එහෙත් එම අවස්ථාවේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා බංග්ලාදේශයේ චාරිකා කළේ බෙංගාල ප්‍රාන්ත මහඇමතිනිය ද සමඟයි. එමගින් ගැටලූ රැසක් විසඳා ගැනීමට හැකිවූ බව ටෙලිග්‍රාෆ් පුවත්පත පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන්නේ ද්විපාර්ශවික සමුළුවක් නොවන බැවින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඊට සහභාගිවීම ඉන්දියාවට අතිශය වැදගත් බව එම පුවත්පත වැඩිදුරටත් සඳහන් කළා. එඞ්වඞ් ස්නෝඩන්ට රැකවරණ ලබාදීම නිසා රුසියාව සමඟ ද්වීපාර්ශවික සාකච්ඡා අත්හිටවූ ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා ශාන්ත පීටර්ස් බර්ග් නුවර පැවති ජී - 20 සමුළුව වර්ජනය නොකළේ එවැනි හේතුවක් නිසා බව ද ටෙලිග්‍රාෆ් පුවත්පත පෙන්වා දුන්නා. සමුළුව වර්ජනය කිරීමෙන් හුදකලා වන්නේ ශ්‍රී ලංකාව නොව එය වර්ජනය කරන රටවල් බවට ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ප්‍රසාද් කාරියවසම් සිදුකළ ප්‍රකාශය ද පුවත්පත මෙහිදී සිහිපත් කළා.

උතුරු පළාත් සභාවට දෙමළ ජනතාව නියෝජනය කරන පාලනයක් පත්වී ඇති මොහොතක ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ චාරිකා කිරීම තවත් අතින් වැදගත් වන බව ද ටෙලිග්‍රාෆ් පුවත්පත පෙන්වා දෙනවා. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අභිලාෂයන් සැලකිල්ලට ගන්නේ නම් අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං සමුළුවට සහභාගිවිය යුතු බව එහි අදහසයි.

මේ අතර, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම ඉන්දියාවට විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීමට ද අවස්ථාවක් වනු ඇති බව ඉන්දීය රජයේ වානිඡ හා කර්මාන්ත අමාත්‍ය සුදර්ශන් නාච්චියප්පන්, චෙන්නායි නුවරදී ඊයේ ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories