ළමයින් නීතිවිරෝධීව ඕස්ට්‍රේලියාවට යවන ජාවාරමක්.

Sunday, 27 October 2013 - 18:39

%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93%E0%B7%80++%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BA%E0%B7%80%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

ළමයින් නීතිවිරෝධී ලෙස  ඕස්ට්‍රේලියාවට යැවීමේ යැවීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට ජාතික ළමා රක්ෂක අධිකාරිය සමත්ව තිබෙනවා. වයස අවුරුදු 10, 11 සහ 14 යන වයස් සීමාවේ පසුවන පිරිමි ළමයින් තිදෙනෙකු  ඕස්ට්‍රේලියාවේ සිට නැවත ලංකාවට පිටුවහල් කිරීමත් සමග මෙම කරුණු අනාවරණ වී ඇති බවයි ළමාරක්ෂක අධිකාරියේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ස්ථානාධිපති බී.ඩබ්ලිව්. බෝපිටියගොඩ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගය ඔස්සේ  ඕස්ට්‍රේලියාවට ගොස් සිටි පිරිසක් පසුගිය දා මෙරටට පිටුවහල් කරනු ලැබුවා. එම පිරිස අතර මෙම දරුවන් තුන්දෙනා ද සිට තිබෙනවා. පසුව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නිලධාරීන් විසින් ඔවුන් ළමාරක්ෂක අධිකාරියට භාර දෙනු ලැබුවා. අනතුරුව ළමාරක්ෂක අධිකාරියේ නිලධාරීන් විසින් ළමයින් තිදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ ඔවුන් යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි.

පසුව ඔවුන්ගේ දෙමව්පියන් කැඳවා ළමා රක්ෂණ අධිකාරිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. එහිදී හෙළිවී ඇත්තේ රුපියල් ලක්ෂ 2 ක පමණ මුදලකට එක් දරුවෙකු දෙමාපියන් විසින් පුද්ගලයෙකුට ලබාදී ඇති බවයි. එම පුද්ගලයා දෙමව්පියන්ට ප්‍රකාශ කර ඇත්තේ  ඕස්ට්‍රේලියාවේ සිටින පිරිසකට මෙම ළමයින් හදාවඩා ගැනීම සඳහා භාර දෙන බවයි. ඒ අනුව දරුවන් ගුවන් මගින්  ඕස්ට්‍රේලියාවට රැගෙන යන බවට ද එම පුද්ගලයා දෙමව්පියන්ට ප්‍රකාශ කර තිබුණේ.

දරුවන් මුදලට විකිණීම නීතිවිරෝධී බැවින් එම දෙමාපියන් ළමාරක්ෂණ අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. මේ වන විට කුඩා දරුවන් නීතිවිරෝධීව  ඕස්ට්‍රේලියාවට රැගෙන යන ජාවාරම සම්බන්ධයෙන් ළමා රක්ෂණ අධිකාරිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මෙම දරුවන්  ඕස්ට්‍රේලියාවට රැගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා ද කටයුතු කරන බවයි එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories