අපිරිසිදු ජලයෙනුත් ඩෙංගු මදුරුවන් බෝවන බව හෙළිවේ.

Monday, 28 October 2013 - 7:28

%E0%B6%85%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%B8%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9D%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A.


ප්‍රථමවරට අපිරිසිදු ජලයේ ඩෙංගු මදුරුවන් බෝවන බවට සාක්ෂි සොයාගැනීමට හැකිවී ඇති බව ගාල්ල කීට විද්‍යා හා බරවා මර්ධන ඒකකය පවසනවා. අපිරිසිදු ජලයේත් ඩෙංගු මදුරුවන් බෝවන බවට සාක්ෂි සොයාගෙන ඇත්තේ ඇල්පිටිය, අහංගම, වැලිගම සහ බලපිටිය යන ප්‍රදේශවලින්. සාමාන්‍යයෙන් ඩෙංගු මදුරුවා පිරිසිදු ජලයේ පමණක් බෝවන බවටයි මීට පෙර හඳුනාගෙන ඇත්තේ.
 
දැනට සිදුකරන මර්දන ක්‍රියාවලිය හේතුවෙන් ඩෙංගු මදුරුවා අනුවර්තනය වී ඇති බවද ගාල්ල කීට විද්‍යා හා බරවා මර්ධන ඒකකයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී මංජුල පුංචිහේවා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා. මීට අමතරව වැසිකිලි වළවල් තුළ ද ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානමක් ඇති බවද වෛද්‍ය නිලධාරීවරයා පෙන්වා දෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories