බොර තෙල් ප්‍රමාදයෙන් පිරිපහදුව බැරල් 15 000 කින් අඩුවේ.

Monday, 28 October 2013 - 12:42

%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%B6%E0%B7%90%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A+15+000+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A.

බොර තෙල් ප්‍රමාදයෙන් පිරිපහදුව බැරල් 15 000 කින් අඩුවේ. 
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පිරිපහදු කරනු ලබන බොර  තෙල් ප්‍රමාණය පසුගිය සතියේ සිට අඩුකර ඇතැයි තෙල් වෘත්තීය සමිති ප්‍රකාශ කළා. බොර තෙල් රැගත් නෞකාවක් පැමිණීම ප්‍රමාදවීම මීට හේතුව බවයි ඛනිජ තෙල් සංස්ථාවේ ජාතික සේවක සංගමයේ ලේකම් ආනන්ද පාලිත හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. සපුගස්කන්ද පිරිපහදුවේ දිනකට පිරිපහදු කරන බොරතෙල් බැරල් සංඛ්‍යාව 50 000 ක්. එහෙත් එම ප්‍රමාණය මේ වනවිට බැරල් 15 000 කින් පමණ අඩු කිරීමට ඛනිජ තෙල් සංස්ථාවේ පාලනාධිකාරිය තීරණය කර ඇති බවයි ආනන්ද පාලිත ප්‍රකාශ කළේ. 
මේ පිළිබඳ දැනගැනීමට හිරු ප්‍රවෘත්ති අංශය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති එස්. අමරසේකර සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද එය අසාර්ථක වුණේ ඔහු රැස්වීමකට සහභාගිවී සිටීම හේතුවෙන්. කෙසේ වෙතත් එම සංස්ථාවේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ තෙල් වෘත්තීය සමිති නගන චෝදනාවේ සත්‍යතාවක් පවතින බවයි. බොරතෙල් රැගත් නෞකාවක් ප්‍රමාදවීම, පිරිපහදු කටයුතු මෙලෙස අඩාලවීමට හේතුව බවද ඔහු කියා සිටියා.
 
කෙසේ නමුත් සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය කඩිනමින් මීට විසඳුමක් සෙවීම සඳහා මේ දිනවල කටයුතු කරමින් සිටින බවයි එම උසස් නිලධාරියා සඳහන් කළේ. 

Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories