UPDATE : වීඩියෝ:වෙන්නප්පුවේ කුකුල් පොර සූදුපොළක් වටලයි.

Monday, 28 October 2013 - 14:28

UPDATE+%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%94%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%94%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.


මුදල් ඔට්ටුවට කුකුළන් කෙටවීමේ මහාපරිමාණ සූදුපොළක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු වෙන්නප්පුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසියට ලද තොරතුරක් මත ඊයේ (27) සවස වෙන්නප්පුව - බොරලැස්ස පොල්වත්තකදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ. වැටලීම සිදුකරන අවස්ථාවේ සූදු පිටියේ සිටි සැකකරුවන් රැසක් පලාගොස් තිබෙනවා. එහිදී ඔවුන් විසින් දමා ගිය යතුරුපැදි 25 ක්, ත්‍රිරෝද රථ 6ක්, වෑන් රථයක් සහ ලොරි රථයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. පොලිසිය වැටලීම සිදුකරන අවස්ථාවේදී මෙම ස්ථානයේ සිට රැගෙන ගිය කුකුළන් දෙදෙනෙකු වෙන්නප්පුව ෆාතිමා වත්ත ප්‍රදේශයේ වන රොදක සඟවා තිබියදී පොලිසිය විසින් සොයා ගත්තා. සැකකරුවන් අද (28) මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 28 සඳුදා- පස්වරු 06:48

-----------------------------------------------------------------------------

වෙන්නප්පුවේ කුකුළන් කොටවමින් සිටි 5 දෙනෙකු පොලිස් භාරයට.

පෙර පුවත 2013 ඔක්තෝබර් 28 සඳුදා- පස්වරු 02:28

මුදල් ඔට්ටුවට කුකුළන් කෙටවීමේ යෙදී සිටි බව කියන පුද්ගලයින් 5 දෙනෙකු වෙන්නප්පුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (28) පෙරවරුවේ වෙන්නප්පුව - බණ්ඩිරිප්පුව ප්‍රදේශයේ මෙම වැටලීම සිදුකර ඇති අතර එම අවස්ථාවේදී සූදු පිටියේ සිටි බව කියන සැකකරුවන් රැසක් පලාගොස් ඇති බව සඳහන්. එහෙත්, පලාගිය පිරිස මෙම ස්ථානයට පැමිණි බව කියන යතුරුපැදි 34 ක්, ලොරි රථ 3 ක්, වෑන් රථ 2 ක් සහ ත්‍රිරෝද රථ 2 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. පොලිසිය වැටලීම සිදුකරන අවස්ථාවේදී මෙම ස්ථානයේ සිට රැගෙන ගිය කුකුළන් දෙදෙනෙකු වෙන්නප්පුව ෆාතිමා වත්ත ප්‍රදේශයේ වන රොදක සඟවා තිබියදී පොලිසිය විසින් සොයා ගත්තා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories