කම්කරු කොංග්‍රස් ප්‍රා.ස මන්ත්‍රී රිමාන්ඞ්.

Tuesday, 29 October 2013 - 8:06

%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F.%E0%B7%83+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A.

බදුල්ල - සොරණාතොට ප්‍රාදේශීය සභාවේ ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරයෙකු ලබන මස 11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි ඔහු ඊයේ (28) පොලීසිය වෙත භාරවුණා. අනතුරුව බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. පසුගිය 22 වන දින කන්දෙගෙදර සාරනියාවත්තේ ක්ෂේත්‍ර නිලධාරියෙකුට මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පහර දුන් බවට බදුල්ල පොලීසිය වෙත වතු බලධාරීන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. බාලරාමන් වේදාසලම් නැමැති මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදුකළ ද ඔහු ප්‍රදේශයෙන් පළා ගොස් සිටි බවයි පොලීසිය සදහන් කළේ. පසුව ඔහු නීතිඥයෙකු මාර්ගයෙන් ඊයේ බදුල්ල පොලීසිය වෙත භාර වී තිබුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories