ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිංගේ සහභාගීත්වය අත්‍යවශ්‍ය වන බව කොංග්රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන මනි ශංකර් අයියර් පවසනවා. තමිල්නාඩුවේ කුම්බකෝනම්හි දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ අසල්වැසි ශ්‍රී ලංකාව සමඟ සබඳතා පවත්වා ගැනීමට මෙන්ම මෙරට දෙමළ ජනතාව වෙනුවෙන් ඉන්දියාව ක්‍රියාත්මක කරන පුනරුත්ථාපන වැඩසටහන් සාර්ථක කර ගැනීම සඳහා එම චාරිකාව වැදගත් වන බවයි.
ශ්‍රී ලංකාව පිළිබද ගැටළු තමිල්නාඩුවට පමණක් සීමාවී නොමැති බව පැවසූ ඔහු කියා සිටියේ එය ඉන්දියාවේ ජාතික ප්‍රශ්නයක් වන බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ පැවැත්වෙන රාජ්‍ය නායක සමුළුවට සහභාගි වන්නේ ද නැද්ද යන්න තීරණය කිරීමේ අයිතිය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං සතු වන බවයි මනිශංකර් අයියර් අවධාරණය කළේ. ඒ සඳහා කිසිවෙකුටත් බලපෑමක් සිදුකළ නොහැකි බව ඔහු සදහන් කළා.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පොදුරදමඩුලූ සමුළුවට සහභාගි විය යුතු බව මෑතකදී ප්‍රකාශ කළ දෙවැනි කොංග්රස් නායකයා ඔහුයි. මීට පෙර ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍ය සුදර්ශන් නාච්චියප්පන් කියා සිටියේ ඉන්දියාවට විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා සමුළුවට සහභාගිවීම වැදගත් වන බවයි.
මේ අතර, 1946 වසරේ ජවහර්ලාල් නේරු සැකසූ ඉන්දීය විදේශ ප්‍රතිපත්තියට අනුව ද අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං පොදුරද මඩුලූ සමුළුවට සහභාගි විය යුතු බව හින්දු පුවත්පතට ලිපියක් යොමු කරන එරට දේශපාලන විචාරිකාවක සඳහන් කළා. අසල්වැසි රටවල් සමඟ සබඳතාවලට ප්රමුඛත්වයක් ලබාදෙන බවට සැකසූ මන්මෝහන් සිංගේ විදේශ ප්‍රතිපත්තියට අනුව ද එය සිදුවිය යුතු බවයි ඇය පෙන්වා දුන්නේ.
Follow US
Most Viewed Stories