UPDATE : වීඩියෝ :පන්විල මරණවලට හේතුව පවුල් ආරවුලක්ද?

Wednesday, 30 October 2013 - 9:34

UPDATE+%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%3A%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%BD+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%3F

මහනුවර - පන්විල නගරයේ තැපැල් කාර්යාලය අසල ළිඳක තිබී පියෙකුගේ සහ දියණියගේ මළ සිරුරු දෙකක් හමුවීමේ සිද්ධිය පවුල් ආරවුලක් මත සිදුවූවක් බවට පොලීසිය සැක පළ කරනවා. අද උදෑසන මෙම මළ සිරුරු දෙක සොයා ගැනුනේ තැපැල් කාර්යාලයේ සේවකයෙකු ජලය ගැනීම සඳහා එම ළිඳ වෙත ගිය අවස්ථාවේදියි. පන්විල - උඩුගොඩ -කුරුඳුගොල්ල ප්‍රදේශයේ පදිංචි මියගිය පියාගේ වයස අවුරුදු 55 ක් වන අතර දියණියගේ වයස අවුරුදු දෙකහමාරක්.

මියගිය තැනැත්තාට අවුරුදු 16 ක ගැහැණු දරුවෙක් සහ අවුරුදු 12 ක පිරිමි දරුවෙකුද සිටින අතර බිරිඳ මේ වනවිට රැකියාවක් සඳහා විදේශගතව සිටිනවා. පසුගිය ඉරිදා නිවසේදී දරුවන් සමග ඇතිවූ ආරවුලකින් පසුව මියගිය පුද්ගලයා සහ කුඩා දියණිය අතුරුදන්වී ඇති බවට පොලීසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණා. එම පැමිණිල්ල සිදුකර තිබුණේ මියගිය පුද්ගලයාගේ වැඩිමහල් දියණිය විසින්. පසුව පොලීසිය 16 හැවිරිදි එම ගැහැණු දරුවා සහ 12 හැවිරිදි අනෙක් පිරිමි දරුවා භාරකරුවෙකු නොමැති වීම හේතුවෙන් අධිකරණ නියෝගයක් මත පරිවාස භාරයට පත් කර තිබුණා. අද සොයාගත් මෙම මළ සිරුරු මේ වනවිට මහනුවර රෝහලේ තැන්පත් කර ඇති අතර හඟුරන්කෙත හදිසි මරණ පරීක්ෂක පැමිණ මරණ පරීක්ෂණ සිදුකිරීමට නියමිතයි.

[JPG]70322_61[/JPG]

[JPG]70322_21[/JPG]

[JPG]70322_31[/JPG]

[JPG]70322_41[/JPG]

[JPG]70322_51[/JPG]

[JPG]70322_6[/JPG]

[JPG]70322_7[/JPG]

[JPG]70322_8[/JPG]

[JPG]70322_9[/JPG]

[JPG]70322_10[/JPG]

[JPG]70322_11[/JPG]

[JPG]70322_12[/JPG]

[JPG]70322_13[/JPG]

 

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 30 බදාදා- පස්වරු 08:18

--------------------------------------------------------------------------------------------

පියෙකුගේ සහ දියණියගේ මළ සිරුරු මහනුවර - පන්විල ළිඳක.

පෙර පුවත 2013 ඔක්තෝබර් 30 බදාදා- පෙරවරු 09:34

මහනුවර - පන්විල නගරයේ තැපැල් කාර්යාලය අසල ළිඳක තිබී පියෙකුගේ සහ දියණියගේ මළ සිරුරු දෙකක් පොලිසිය අද (30) සොයා ගත්තා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මියගිය පියාගේ වයස අවුරුදු 52 ක් පමණ වන අතර දියණියගේ වයස අවුරුදු දෙකහමාරක් වන බවයි. ඔවුන් දෙදෙනා සියදිවි නසා ගන්නට ඇතැයි පොලිසිය සැක කරනවා. මියගිය පුද්ගලයාගේ බිරිඳ විදේශගතව සිටින අතර, ඔවුන් මෙලෙස දිවි නසා ගැනීමට හේතුව මෙතෙක් තහවුරු වී නැහැ.

 

මියගිය පියා සහ දියණිය පන්විල - උඩුගොඩ -කුරුඳුගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්. ඔහුට තවත් 16 හැවිරිදි දියණියක සහ 12 හැවිරිදි පුතෙකු සිටින අතර ඔවුන් දෙදෙනාම නිවසින් පිටත පරිවාස භාරයේ ජීවත් වනවා. මියගිය පුද්ගලයාගේ බිරිඳගේ වැඩිමහල් සොහොයුරා වන සරත් බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ මෙය ආර්ථික ප්‍රශ්නයක් හෝ පවුල් ආරවුලක් මත සිදුවූවක් යැයි සැක කළ නොහැකි බවයි.

[JPG]70322_1[/JPG]

[JPG]70322_2[/JPG]

[JPG]70322_3[/JPG]

[JPG]70322_4[/JPG]

[JPG]70322_5[/JPG]

ඡායාරූප - ආර්.එම්.ආර් රත්නායක - මහනුවර

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories