හෙට පැවැත්වෙන කැබිනට් රැස්වීමට සහභාගී වන ලෙස ජනාධිපති කාර්යාලය සියලූ මහ ඇමතිවරුන්ට දැනුම් දී තිබෙනවා. හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී රජයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාවක මහ ඇමතිවරුන් කැබිනට් රැස්වීමට කැඳවිය හැකි බවයි. මීට පෙර සෑම මාසයකම අවසන් අමාත්‍ය මණ්ඩල රැස්වීමට මහ ඇමතිවරුන් සහභාගීවීමේ ප්‍රවණතාවයක් පැවතුණා. එදිනට පළාත් සභාවලට අදාළ කැබිනට් පත්‍රිකා සාකච්ඡා කර තිබෙනවා. කෙසේ වෙතත්, පළාත් සභා මැතිවරණ කාලසීමාවන් තුළදී මහ ඇමතිවරුන් කැබිනට් රැස්වීමට සහභාගී වීම සිදුනොවීම නිසා එය ස්ථිර ක්‍රමවේදයක් වී නැහැ. එහෙත් හෙට සිට සෑම මසකම අවසන් කැබිනට් රැස්වීමට පළාත් මහ ඇමතිවරුන් සහභාගී වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළා. ඒ අනුව පළමු වරට ස්ථාපිත කළ උතුර පළාත් සභාවේ මහ ඇමති සී.වී.විග්නේෂ්වරන්ද හෙට පැවැත්වෙන කැබිනට් රැස්වීමට සහභාගී වනු ඇති.
Follow US
Most Viewed Stories