UPDATE : IFJ මාධ්‍යවේදිනියන් දෙදෙනා රටින් දොට්ට.

Wednesday, 30 October 2013 - 19:13

UPDATE+%3A+IFJ+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BB%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7.


 

ප්‍රශ්න කිරීමට ලක්වූ ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සංගමයේ මාධ්‍යවේදිනියන් දෙදෙනා හෙට (31) දිනයේදි රටින් පිටකිරීමට තීරණය කළ බව ආගමන විගමන පාලක චූලානන්ද පෙරේරා ප්‍රකාශ කළා. අද පස්වරුවේ මෙම මාධ්‍යවේදිනියන් දෙදෙනාගෙන් ආගමන විගමන නිලධාරීන් ප්‍රශ්න කරනු ලැබුවේ සංචාරක වීසා මත වැඩමුළුවකට සහභාගිවී සිටීම හේතුවෙන්.

 

කොළඹ එක්තරා හෝටලයක නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් කැඳවා තිබූ වැඩමුළුවකට මෙලෙස සහභාගිවී සිටියේ ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සංගමයේ ආසියා - පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂිකා ජැක්ලීන් පාකර් සහ තවත් සාමාජිකාවක්. සංචාරක වීසා මත පැමිණ වැඩමුළු පැවැත්විය නොහැකි බැවින් මෙම මාධ්‍යවේදිනියන් දෙදෙනා රටින් පිටකිරීමට තීරණය කළ බවයි ආගමන විගමන පාලකවරයා සඳහන් කළේ.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 30 බදාදා- පස්වරු 07:45

---------------------------------------------------------------------------------------

IFJ මාධ්‍යවේදිනියන් 2කු ආගමන විගමන භාරයට.

පෙර පුවත 2013 ඔක්තෝබර් 30 බදාදා- පස්වරු 07:13

ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සංගමයේ ආසියා - පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂිකා ජැක්ලීන් පාකර් සහ තවත් සාමාජිකාවක ආගමන විගමන දෙපාර්මේන්තුවේ නිලධාරීන් අද ප්‍රශ්න කිරීම් සඳහා තමන් භාරයට ගත්තා. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කියා සිටියේ සංචාරක වීසා මත වැඩමුළුවකට සහභාගීවීම හේතුවෙන් මෙසේ ප්‍රශ්න කිරීමකට ලක් කෙරෙන බවයි.

 

අද දිනයේ කොළඹ එක්තරා හෝටලයක නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වැඩමුළුවක් පැවැත්වුණා. ඊට ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සංගමයේ අදාළ සාමාජිකාවන් දෙදෙනා සහභාගී වී තිබෙනවා. එම අවස්ථාවේ එහි පැමිණි ආගමන විගමන නිලධාරීන් ප්‍රශ්න කිරීම සඳහා එම සාමාජිකාවන් ඔවුන් භාරයට ගත් බවයි වාර්තා වන්නේ.

 
කෙසේ වෙතත්, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් කුමාර අලගියවන්න කියා සිටියේ ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සංගමයේ අදාළ සාමාජිකාවන් දෙදෙනා දිවයිනට පැමිණ සිටියදී ආරාධිතයන් ලෙස පමණක් වැඩමුළුවට එක් වූ බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories