එ.ජා.ප. ප්‍රතිසංවිධානයේ යෝජනා දෙකක් වෙනස් වෙයි.

Wednesday, 30 October 2013 - 19:17

%E0%B6%91.%E0%B6%A2%E0%B7%8F.%E0%B6%B4.+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.


 

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලේ ඇතුළත්ව තිබූ යෝජනා දෙකක් සංශෝධනයට ලක්වී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ජ්‍යෙෂ්ඨ නායකයා විය යුතු බවට කර තිබූ යෝජනාවේ තිබූ එම නාමය ජාතික නායකයා ලෙස වෙනස් කෙරුණු බවයි එක්සත් භික්ෂු පෙරමුණේ අනුශාසක, රාමඤ්ඤ මහ නිකායේ අනුනායක පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. මීට අමතරව නායකත්ව මණ්ඩලය යන නාමයද වෙනස් කර එය එක්සත් නායකත්ව මණ්ඩලය ලෙස නම් කළ බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළා.

 
කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස, කරූ ජයසූරිය යන මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් හෙට හෝ අනිද්දා දින දෙක තුළ පැවැත්වීමට නියමිතයි.

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories