එඞ්වඞ් ස්නෝඩන්ගෙන් තවත් අනාවරණයක්.

Thursday, 31 October 2013 - 12:59

%E0%B6%91%E0%B6%9E%E0%B7%8A%E0%B7%80%E0%B6%9E%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%9D%E0%B6%A9%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.


ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය මගින් ගූගල් සහ යාහූ දත්තද සොරකම් කළ බව  එඞ්වඞ් ස්නෝඩන් විසින් අනාවරණය කර තිබෙනවා. ඔහු අනාවරනය කර ඇත්තේ ඇමරිකානු රජයේ අවශ්‍යතාවය මත කාලයක් තිස්සේ ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය විසින් මෙම දත්ත සොරකම සිදුකළ බවයි. එඞ්වඞ් ස්නෝඩන් කලක් ඇමරිකානු සී.අයි.ඒ. සංවිධානයේ පරිගණක දත්ත ඒකකයේ කටයුතු කර ඉන් ඉවත්ව රුසියාවේ රැඳී සිටිමින් එහි රහස් හෙළි කරමින් සිටිනවා. එබැවින් ඔහු ඇමරිකාවට අත්‍යාවශ්‍ය පුද්ගලයෙකු බවටයි පත්ව ඇත්තේ.  කෙසේ වුවත් ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය ප්‍රකාශ කර ඇත්තේ තමන්ට ගූගල් සහ යාහූ දත්ත සොරකම් කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොතිබූ බවයි. එමෙන්ම ඒ සඳහා තමන්ට අයිතියක් නොමැති බවද ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය තවදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories