UPDATE : අදාල දීමනා ඉල්ලන්න. වෛද්‍යවරුන් හෙද සංගම්වලට කියයි.

Thursday, 31 October 2013 - 22:09

UPDATE+%3A++%E0%B6%85%E0%B6%AF%E0%B7%8F%E0%B6%BD+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%AF+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
සෞඛ්‍ය අමාත්‍යාංශය, වෛද්‍යවරුන්ගේ අමාත්‍යාංශයක් බවට පත්වී ඇති බවට සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය චෝදනා කරනවා. ඔහු ප්‍රකාශ කළේ වෛද්‍යවරුන්ට වැටුප ඉක්මවා ගිය දීමනාවක් ලබාදෙන බවයි.

කෙසේ වෙතත්, ඇතැම් වෘත්තීය සමිති තමන්ගේ සාමාජිකත්වය වර්ධනය කරගැනීම සඳහා දීමනා මුල්කරගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා කියා සිටියේ. තම ශ්‍රේණියට අදාළ ඉල්ලීම් සිදුකළ නොහැකි නම් නිසි ලෙස උසස් පෙළ සමත්වී වෛද්‍ය වෘත්තියට පැමිණෙන ලෙස ඔහු සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති සන්ධානයෙන් ඉල්ලීමක් කළා.

 
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හෙට දීප ව්‍යාප්තව දියත් කිරීමට නියමිතව තිබූ සංකේත වැඩවර්ජනය සති 6 කින් කල් දැමීමට තීරණය කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා කියා සිටියේ. රජයේ වෛද්‍යවරුන්ගේ සේවා ව්‍යවස්ථාවේ ගැටළු ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන ඔවුන් මෙම වැඩවර්ජනය දියත් කිරීමට නියමිතව තිබුණා.

UPDATE : Sunday, 03 November 2013 - 7:54 AM
---------------------------------------------------
හෙද වර්ජනය අවසන්.

හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවන් ඒකාබද්ධව ක්‍රියාත්මක කළ සංකේත වර්ජනය අද (02) පෙරවරු 7ට අවසන් වනවා. අතිකාල දීමනා ලබා නොදීම ඇතුලූ ඉල්ලීම් 6 ක් මුල් කර ගනිමින් වෘත්තීය සමිති 17 ක් පැය 24 ක සංකේත වර්ජනයක් ආරම්භ කරනු ලැබුවේ ඊයේ පෙරවරු 7 ටයි. මේ හේතුවෙන් රොහල් වෙත ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවයකට පත්වුණා.

 

හෙද, පරිපූරක අතුරු වෛද්‍ය වෘත්තීමය සේවාවන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය සඳහන් කළේ මෙම වර්ජනය රෝහල් 650 ක පමණ ක්‍රියාත්මක වූ බවයි. ඒ හේතුවෙන් අදාළ රෝහල්වල බාහිර රෝගී අංශවල ඖෂධ සැපයීමේ කටයුතුවලට සහ රසායනාගාර සේවාවලට දැඩි බලපෑම් මතුවුණා.

 
හෙද, පරිපූරක අතුරු වෛද්‍ය වෘත්තීමය සේවාවන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය සඳහන් කළේ අද (02) වර්ජනය අවසන් කළත් සති දෙකක් තුළ විසඳුම් අවශ්‍ය බවයි.

UPDATE : Saturday, 02 November 2013 - 7:38
---------------------------------------------------
හෙද වර්ජකයන් තවත් අනතුරු ඇඟවීමක.

හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවන් ඒකාබද්ධව ක්‍රියාත්මක කරන සංකේත වර්ජනය හේතුවෙන් රෝහල් රැසක බාහිර රෝගී අංශවල කටයුතු අද අඩාල වුණා. අතිකාල දීමනා ලබා නොදීම ඇතුලූ ඉල්ලීම් 6 ක් මුල් කර ගනිමින් වෘත්තීය සමිති 17 ක් පැය 24 ක සංකේත වර්ජනයක් ආරම්භ කරනු ලැබුවේ අද (01) පෙරවරු 7 ටයි. එය හෙට පෙරවරු 7 දක්වා ක්‍රියාත්මක වනවා. මේ හේතුවෙන් රොහල් වෙත ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවයකට පත්වුණා.

හෙද, පරිපූරක අතුරු වෛද්‍ය වෘත්තීමය සේවාවන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය සඳහන් කළේ මෙම වර්ජනය රෝහල් 650 ක පමණ ක්‍රියාත්මක බවයි. ඒ හේතුවෙන් අදාළ රෝහල්වල බාහිර රෝගී අංශවල ඖෂධ සැපයීමේ කටයුතුවලට සහ රසායනාගාර සේවාවලට දැඩි බලපෑම් මතුවුණා.

කොළඹ ජාතික රෝහලේ අද (01) පැවැති වර්ජනය හේතුවෙන් රෝහල් කටයුතුවලට වැඩි බලපෑමක් එල්ල නොවූ බවයි ජාතික රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.      

වර්ජනය හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ මෙන්ම මාතර මහ රෝහලේ සේවා කටයුතු  තරමක් දුරට අඩාල වූ බවයි එම රෝහල්වල ප්‍රකාශකයන් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ. මහනුවර සහ පේරාදෙණිය රෝහල්වල ද බාහිර රෝගී ප්‍රතිකාර අංශය ක්‍රියාත්මක වූ නමුත් ප්‍රතිකාර ගැනීමට පැමිණි ජනතාවට ඖෂධ ගැනීමට සිදුවූයේ පෞද්ගලික ඖෂධහල්වලින්. මේ අතර, වර්ජනයේ නියුතු වෘත්තීය සමිති කොළඹ දී අද (01) මාධ්‍ය හමුවක් කැදවා තිබුණා. එහිදී අදහස් දැක්වූ හෙද, පරිපූරක අතුරු වෛද්‍ය වෘත්තීමය සේවාවන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය සඳහන් කළේ හෙද, සිසු සිසුවියන් යොදා සේවා පවත්වා ගැනීමට බලධාරීන් කටයුතු කළහොත් අත්‍යවශ්‍ය සේවා වලින් ද ඉවත් වන බවයි.

 
කෙසේ වෙතත්, හෙද පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවන් ඒකාබද්ධව ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම් සම්බන්ධයෙන් සුදුසු නිර්දේශ මේ වනවිටත් මුදල් අමාත්‍යාංශය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත යොමුකර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා. විශේෂයෙන්ම 65%ක්ව තිබු අතිකාල දීමනාව 100% දක්වා ඉහළ දමා ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ. එසේ තිබියදී එම දීමනාව 200% දක්වා වැඩිකරන ලෙස කර ඇති ඉල්ලීම අසාධාරණ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දුන්නා.



Friday, 01 November 2013 - 6:57 PM
----------------------------------------------------------------------
හෙද වර්ජනයෙන් රෝහල්වල බාහිර රෝගී අංශ අඩාලයි.

හෙද පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවන් ඒකාබද්ධව දැනට ක්‍රියාත්මක සංකේත වර්ජනය හේතුවෙන් රෝහල් රැසක බාහිර රෝගී අංශවල කටයුතු අඩාල වී ඇති බව වාර්තා වනවා. අතිකාල දීමනා ලබා නොදීම ඇතුලූ ඉල්ලීම් 6 ක් මුල් කර ගනිමින් වෘත්තීය සමිති 17 ක් පැය 24 ක සංකේත වර්ජනයක් ආරම්භ කරනු ලැබුවේ අද (01) පෙරවරු 7 ටයි. එය හෙට පෙරවරු 7 දක්වා ක්‍රියාත්මකයි. හෙද පරිපූරක අතුරු වෛද්‍ය වෘත්තීමය සේවාවන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය සඳහන් කළේ මෙම වර්ජනය රෝහල් 650 ක පමණ ක්‍රියාත්මක බවයි. වර්ජනය රෝහල් කටයුතුවලට තරමක බලපෑමක් එල්ල කළ බවයි කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ.
 

 
මහනුවර සහ පේරාදෙණිය මහරෝහල්වලින් කරන ලද විමසීමකදී එහි ප්‍රකාශකයින් සඳහන් කළේ රෝහලේ බාහිර රෝගී අංශවල කටයුතු අද (01) පෙරවරුවේ සිට අඩාල වූ බවයි. වෛද්‍යවරුන් විසින් බෙහෙත් නිර්දේශ කළ ද ඒවා ලබාදීමට ඖෂධවේදීන් නොමැතිවීම සහ රසායනාගාර පර්යේෂණ සඳහා වෘත්තීයවේදීන් නොමැතිවීම නිසා මෙම රෝහල්වල කටයුතු අඩාල වූ බව එහි සිටින හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළා. අනුරාධපුර මහරෝහලේ ද බාහිර රෝගී අංශයේ කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ් අඩාල වී තිබෙනවා.

UPDATE : Friday, 01 November 2013 - 1:12
----------------------------------------------------------------------
 රෝහල් ලෙඩ වෙයි.

දීමනා විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 06 ක් මුල්කරගෙන අද පැය 24 ක සංකේත වැඩවර්ජනයක් දියත් කරන බව හෙද පරිපූරක අතුරු වෛද්‍ය වෘත්තීමය සේවාවන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය ප්‍රකාශ කරනවා. එහි සම කැඳවුම්කරු සමන් ජයසේකර කියා සිටියේ ඒ අනුව අද (01) උදෑසන අටේ සිට මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

 

මේ අතර, මෙම වැඩවර්ජනය පැවැත්වීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියා. අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් සුදුසු නිර්දේශ මේ වනවිටත් මුදල් අමාත්‍යාංශය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇති බවයි එහි දැක්වුණේ. විශේෂයෙන්ම 65%ක්ව තිබු අතිකාල දීමනාව 100% දක්වා ඉහළ දමා ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. එසේ තිබියදී එම දීමනාව 200% දක්වා වැඩිකරන ලෙස කර ඇති ඉල්ලීම අසාධාරණ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දුන්නා.

 

 
කෙසේ වෙතත්, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක සඳහන් කළේ රෝගීන් පීඩාවට ලක් කිරීමෙන් වැළකී සිටින ලෙසයි.


Friday, 01 November 2013 - 7:40
-----------------------------------------------------------------------
හෙට දින හෙද වර්ජනය ස්ථිරයි.
Thursday, 31 October 2013 - 22:09

දීමනා විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 06 ක් මුල්කරගෙන හෙට (01) දීපව්‍යාප්තව පැවැත්වීමට නියමිතව තිබූ සංකේත වැඩවර්ජනය නියමිත පරිදි සිදුකරන බව හෙද පරිපූරක අතුරු වෛද්‍ය වෘත්තීමය සේවාවන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය ප්‍රකාශ කරනවා. තම වෘත්තීන් 16 ක ඉල්ලීම්වලට විසඳුම් ලබාදීම සඳහා අද දිනය තෙක් බලධාරීන්ට අවස්ථාව ලබා දුන්නද මෙතෙක් ස්ථිර විසඳුමක් ලැබී නොමැති බවයි එම සංගමයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය කියා සිටියේ. ඒ අනුව හෙට උදෑසන හතේ සිට ක්‍රියාත්මක කරන පැය විසි හතරේ සංකේත වැඩවර්ජනය තුළින් රෝහල් කටයුතුවලට බාධා සිදුවිය හැකි බව ඔහු සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායකගෙන් විමසීමක් කළ අතර, එහිදී ඔහු මෙම සේවාවල වෘත්තිකයන්ගෙන් ඉල්ලා සිටියේ ජනතාව අපහසුතාවයට පත් නොකර හෙට රාජකාරී සඳහා පැමිණෙන ලෙසයි.

මේ අතර, හෙට දියත් කිරීමට නියමිත වැඩවර්ජනය පැවැත්වීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය අද (31) පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියා. එමෙන්ම, අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් සුදුසු නිර්දේශ මේ වනවිටත් මුදල් අමාත්‍යාංශය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇති බවයි එහි දැක්වෙන්නේ. විශේෂයෙන් 65%ක්ව තිබු අතිකාල දීමනාව 100% දක්වා ඉහළ දමා ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. එසේ තිබියදී එම දීමනාව 200% දක්වා වැඩිකරන ලෙස කර ඇති ඉල්ලීම අසාධාරණ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දුන්නා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories