සිරියාවට, ඊශ්‍රායල ගුවන් ප්‍රහාර.

Friday, 01 November 2013 - 7:57

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7%2C+%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB.
ඊශ්‍රායල යුධ ගුවන් යානා මගින් සිරියාවේ ලටාකියා ප්‍රදේශයට ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇති බව ඇමෙරිකාව ප්‍රකාශ කළා. ලෙබනනයේ හිස්බුල්ලා ගරිල්ලා කණ්ඩායමට සපයන මිසයිල ඉලක්ක කරගෙන මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව ඔවුන් වැඩිදුරටත් කියා සිටියා. ලටාකියා සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ බලය තහවුරු වූ ප්‍රදේශයක්. එමෙන්ම, මෙහි පිහිටි වරාය හේතුවෙන් උපක්‍රමීය වශයෙන් වැදගත්කමක් ද දරනවා. ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් එහි ගුවන් ආරක්ෂක කඳවුරේ පිපිරීම් රැසක් සිදුව ඇතැයි සඳහන්. කෙසේ නමුත්, ඊශ්‍රායලය හෝ සිරියාව මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් සිදුකර නැහැ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories