UPDATE : පොලිස් සැරයන්වරයෙකු පහර කා රෝහලේ.

Friday, 01 November 2013 - 8:04

UPDATE+%3A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%9A%E0%B7%8F+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A.
මහනුවර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ සේවය කරන පොලිස් සැරයන්වරයෙකු, ඊයේ (31) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් පහරදීම හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා. ජීප් රථයකින් පැමිණි මෙම පිරිස, ත්‍රිරෝද රථයකින් පැමිණි විදේශිකයන් දෙදෙනෙකුට මහනුවර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිටදී පහරදීමට උත්සාහ කර ඇති බව සඳහන්. එහිදී මෙම සැරයන්වරයා විදේශිකයන් දෙදෙනා බේරා ගැනීමට මැදිහත්වී ඇති අතර, එම අවස්ථාවේදී ඔහු පහරකෑමට ලක්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.

 
ජිප් රථයේ පුද්ගලයන් තිදෙනෙකු පැමිණ ඇති අතර, ඔවුන් අධික ලෙස බීමතින් සිටි බවටයි අනාවරණ වී ඇත්තේ. පොලිස් නිලධාරියාට පහරදීම සම්බන්ධයෙන් අදාළ පුද්ගලයන් තිදෙනා මේ වනවිට මහනුවර පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පුද්ගලයන් ප්‍රදේශයේ දේශපාලඥයෙකුගේ ආධාරකරුවන් පිරිසක් බව සඳහන්. 


UPDATE Friday, 01 November 2013 - 12:44
---------------------------------------------
මහනුවරදී පොලිස් නිලධාරියෙකුට ප්‍රහාරයක්.
Friday, 01 November 2013 - 8:04

මහනුවර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිට රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට කිසියම් පිරිසක් විසින් පහර දී තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිට කලහකාරි අන්දමින් හැසිරුණු පිරිසක් පිළිබඳව විමර්ශන කිරීමට ගිය මෙම නිලධාරියාට එම පිරිස පහර දුන් බවයි මහනුවර පොලිසියේ නිලධාරියෙකු සඳහන් කළේ. පහරදුන් පිරිස බීමත්ව සිටි බවට ද පොලිසිය සැක පළ කරනවා. මෙම පහරදීමට සම්බන්ධ පුද්ගලයින් පිරිසෙන් 3 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව මහනුවර පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories