UPDATE : වීඩියෝ : තවීෂගේ ඝාතනය ගැන බ්‍රිතාන්‍ය වැඩ පටන් ගනී.

Friday, 01 November 2013 - 9:12

UPDATE+%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%3A++%E0%B6%AD%E0%B7%80%E0%B7%93%E0%B7%82%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%B4%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.
තවීෂ ලකිඳු පීරිස් නමැති ශ්‍රී ලාංකික තරුණයා බ්‍රිතාන්‍යයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ ෂෙෆීල්ඞ්හිදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකුට එරෙහිව බ්‍රිතාන්‍ය පොලිසිය චෝදනා ගොනුකර තිබෙනවා. ඝාතනය සම්බන්ධයෙන් 17 හැවිරිදි තරුණයෙකු සහ ෂමරේස් ඛාන් නමැති 25 හැවිරිදි පුද්ගලයෙකු පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ නිලධාරින් 50 දෙනෙකුට අධික සංඛ්‍යාවක් යොදවා දකුණු යෝක්ෂයර් පොලිසිය සිදුකළ මෙහෙයුමකදීයි. බ්‍රිතාන්‍යයේ ෂෙෆීල්ඞ් - හාලම් විශ්වවිද්‍යාලයෙන් පරිගණක මෘදුකාංග ඉංජිනේරු උපාධියක් ලබා ඇති තවීෂ පීරිස් පීසා අවන්හලක සේවය කරන අතරතුරයි පසුගිය ඉරිදා ඝාතනයට ලක්වූයේ. උල් ආයුධවලින් ඇණ ඝාතනය කර තිබූ ඔහුගේ සිරුර තවීෂ ගමන්ගත් මෝටර් රථයේ තිබී හමුවුණා. මේ අතර, ඝාතනයට ලක්වූ තවීෂ වෙනුවෙන් ෂෙෆීල්ඞ්හිදී අද පස්වරුවේ බෞද්ධ ආගමික වතාවත් සිදුකෙරෙන අතර හෙට උදෑසන දානමය පිංකමක් ද සංවිධාන කර තිබෙනවා. 

UPDATE Saturday, 02 November 2013 - 12:39 PM
-------------------------------------------------
ශ්‍රී ලාංකිකයාගේ ඝාතනයට දෙදෙනෙකු දැලේ.

එංගලන්තයේ - යෝක්ෂයර් ප්‍රාන්තයේ ෂෙෆීල්ඞ් හිදී ශ්‍රී ලාංකික තරුණයෙකු වන තවීෂ ලකිඳු පීරිස් තියුණු ආයුධවලින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා. දකුණු යෝක්ෂයර් පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 17 හැවිරිදි තරුණයෙකු සහ 25 හැවිරිදි පුද්ගලයෙකුයි. ඔවුන්ගෙන් මේ වනවිට රඳවාගෙන ප්‍රශ්න කරන බව බ්‍රිතාන්‍ය වාර්තා සඳහන් කළා. 25 හැවිරිදි තවීෂ පීරිස් පසුගිය ඉරිදා පීසා බෙදා හැරීමේ නිරතව සිටියදී මෙලෙස ඝාතනයට ලක්වූ අතර, ඔහුගේ සිරුර තවීෂ ගමන්ගත් වාහනයේ තිබී හමුවුණා.

 

මීට වසර දෙකහමාරකට පෙර එංගලන්තයට ගිය තවීෂ පීරිස් ෂෙෆීල්ඞ් - හාලම් විශ්වවිද්‍යාලයෙන් මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් ද ලබාගෙන තිබෙනවා. මරණ පරීක්ෂණයේදී හෙළි වූ තවීෂගේ මරණය උල් ආයුධවලින් පහරදීම හේතුවෙන් සිදුව ඇති බවයි. සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා යෝක්ෂයර් පොලිසිය නිලධාරින් 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යොදවා තිබෙනවා.

 

මේ අතර, තවීෂගේ මව වන සුදර්මා නාරංගොඩ හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ සිය පුතණුවන්ගේ මරණය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා තමන් එංගලන්තය බලා යාමට අපේක්ෂා කරන බවයි. වීසා බලපත් ලැබුණු වහාම තමන් එහි යාමට සූදානම් බව ඇය වැඩිදුරටත් සඳහන් කළා.

Friday, 01 November 2013 - 1:41 PM

----------------------------------------------------------------------
තවීෂ ඝාතනයේ 2 ක් අත්අඩංගුවට.
Friday, 01 November 2013 - 9:12

එංගලන්තයේ - යෝක්ෂයර් ප්‍රාන්තයේ ෂෙෆීල්ඞ් හිදී ශ්‍රී ලාංකික තරුණයෙකු වන තවීෂ ලකිඳු පීරිස් තියුණු ආයුධවලින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ (31) අත්අඩංගුවට ගනු ලැබුවා. දකුණු යෝක්ෂයර් පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 17 හැවිරිදි තරුණයෙකු සහ 25 හැවිරිදි පුද්ගලයෙකුයි. ඔවුන්ගෙන් මේ වනවිට රඳවාගෙන ප්‍රශ්න කරන බව බ්‍රිතාන්‍ය වාර්තා සඳහන් කළා. 25 හැවිරිදි තවීෂ පීරිස් පසුගිය ඉරිදා පීසා බෙදා හැරීමේ නිරතව සිටියදී මෙලෙස ඝාතනයට ලක්වූ අතර, ඔහුගේ සිරුර තවීෂ ගමන්ගත් වාහනයේ තිබී හමුවුණා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories