ඇමෙරිකාව විසින් සිදුකරන ඔත්තුබැලීමේ මෙහෙයුම් පිළිබඳව චීනය විමසීමක් කර තිබෙනවා. චීනයේ - බීජිං අගනුවර, ෂැංහයි නුවර සහ අනෙකුත් ප්‍රදේශවල ඇමෙරිකානු තානාපති අංශ ඔත්තු බැලීමේ මෙහෙයුම්වලට සම්බන්ධ බවට තොරතුරු හෙළිවීමෙන් අනතුරුවයි චීනය එම විමසීම සිදුකර ඇත්තේ. ලොව පුරා ඇමෙරිකානු තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල 90 කට වැඩි සංඛ්‍යාවක් මෙලෙස ඔත්තු බැලීමේ මෙහෙයුම්වල නිරත වන බව අනාවරණ වූයේ එඞ්වඞ් ස්නෝඩන් විසින් හෙළිදරව් කළ රහස් සිතියමකින්. ඇමෙරිකාවේ නැගෙනහිර ආසියානු ඔත්තු මෙහෙයුම්වල ප්‍රධාන ඉලක්කය චීනය බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ. ඇමෙරිකාව විසින් යුරෝපා සංගමයේ රටවල සහ බ්‍රසීලය, මෙක්සිකෝව ආදී රටවල සිදුකරන ඔත්තු බැලීමේ මෙහෙයුම් අනාවරණයවීමත් සමඟ ඔබාමා පරිපාලනය දැනටමත් මුහුණදී සිටින්නේ දැඩි අර්බුදයකටයි.
Follow US
Most Viewed Stories