පෙම්වතියට පිහියෙන් ඇණ පෙම්වතා සියදිවි හානිකරගෙන.

Friday, 01 November 2013 - 13:39

%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AB+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B7%99%E0%B6%B1.
වසරක පමණ කාලයක් අඹු-සැමියන් ලෙස එකට වාසය කර පසුව, ඇති වූ ආරවුලක් හේතුවෙන් සිය පෙම්වතියට පිහියකින් ඇණ තුවාල සිදුකර පෙම්වතා ද සියදිවි හානි කර ගැනීමේ පුවතක් රක්වාන ප්‍රදේශයේ වාර්තා වුණා. ඊයේ (31) මෙලෙස සිය පෙම්වතියට පිහියෙන් ඇන තුවාල සිදුකර තිබුණේ දැරණියගල - කොස්ගහකන්ද ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙක්. ඔහු රක්වාන - දෙණියාය පාර ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි සිය පෙම්වතියගේ නිවසට පැමිණි අවස්ථාවේ ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසුව මෙම පිහිඇනුම සිදුකර ඇති බව පොලිසිය ප්‍රකාශ කළා. පසුව ඔහු ද එම පිහියෙන්ම ඇන තුවාල සිදුකරගෙන තිබෙනවා.  රක්වාන රෝහලට ඔවුන් දෙදෙනා ඇතුළත් කිරීමට රැගෙන යාමේදී තරුණයා ජීවිතක්ෂයට පත්වූ අතර බරපතල තත්ත්වයේ පසුවූ පෙම්වතිය මේ වනවිට ප්‍රතිකාර ලබන්නේ කහවත්ත රෝහලේයි.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories