සාර්ක් ත්‍රස්ත වැරදි නිරීක්ෂණ මධ්‍යස්ථානය කොළඹ.

Sunday, 03 November 2013 - 13:08

%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9.

 
සාර්ක් කලාපීය ත්‍රස්තවාදී වැරදි සහ මත්ද්‍රව්‍ය වැරදි නිරීක්ෂණ මධ්‍යස්ථානයෙහි ප්‍රධාන කාර්යාලය මෙරට පොලිස් දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිත කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ මෙම මධ්‍යස්ථානය ඉන්දීය රජයේ ආධාර මත ස්ථාපිත කර ඇති බවයි. මෙම කාර්යාල පසුගියදා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. මෙම මධ්‍යස්ථානය මගින් සාර්ක් කලාපීය රටවල් අතර ත්‍රස්තවාදී සහ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු කරගැනීමට නියමිත අතර සාර්ක් කලාපය ත්‍රස්තවාදයෙන් සහ මත්ද්‍රව්‍යවලින් තොර කලාපයක් බවට පත් කිරීම මෙහි මූලික අරමුණ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories