පොදු රද මඩුලූ සමුළුවට දෙමළ ඩයස්පෝරාවෙන් විරෝධතා.

Sunday, 03 November 2013 - 13:12

%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%BB%E0%B6%AF+%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%96+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B6%A9%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%9D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F.
එල්. ටී.ටී.ඊ. සංවිධානය සමග ඍජුව සබඳතා පැවැත්වූ ලන්ඩනයේ සිට ක්‍රියාත්මක වන බ්‍රිතාන්‍ය දෙමළ සංසදය එරට කම්කරු පක්ෂ නායක එඞ් මිලිබෑන්ඞ් හමුවී සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තාවනවා. එහිදී ඩයස්පෝරාවේ නියෝජිතයන් කම්කරු පක්ෂ නායකයාගෙන් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට බ්‍රිතාන්‍යය සහභාගි නොවිය යුතු බවට බලපෑම් සිදුකරන ලෙසයි. මෙරට මානව හිමිකම් උල්ලංඝනය වන බවට සකස් කළ වාර්තාවක්ද බ්‍රිතාන්‍ය දෙමළ සංසදයේ නියෝජිතයන් කම්කරු පක්ෂ නායක එඞ් මිලිබෑන්ඞ් වෙත පිරිනමා තිබෙනවා. අතුරුදන්වූවන් පිළිබඳව ලක් රජය විසින් නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවට ඔවුන් එහිදී චෝදනා කළා. බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ නායක එඩ් මිලිබෑන්ඞ් එහිදී සඳහන් කර  ඇත්තේ ශ්‍රී ලංකාවේ සිදුව ඇතැයි කියන මානව හිමිකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.


කෙසේ නමුත් මේ පිළිබඳව අප කළ විමසීමකදී හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය සඳහන් කළේ අතුරුදන්වූවන් පිළිබඳව සොයාබැලීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් ශ්‍රී ලංකාව විසින් අනුගමනය කරන බවයි.

 
මේ අතර පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට බ්‍රිතාන්‍ය සහභාගි නොවිය යුතු බව පවසමින් ලන්ඩනයේ පාර්ලිමේන්තු චතුරශ්‍රයේදී ඊයේ විරෝධතාවන් දෙකක් පැවති බව චැනල් ෆෝ නාලිකාව වාර්තා කළා. ඒ සඳහා 200 කට අධික පිරිසක් සහභාගි වූ බවයි ඔවුන් කියා සිටියේ. විරෝධතාකරුවන් බ්‍රිතාන්‍ය අගමැති ඬේවිඩ් කැමරන්, විදේශ ඇමති විලියම් හේග් සහ ජනාධිපතිවරයාගේ රුවට සමාන වෙස් මුහුණු පැළඳ එම විරෝධතාවයේ නිරතවූ බව එමඟින් වැඩිදුරටත් සඳහන් කළා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories