අගමැතිවරයාගේ අවසන් තීරණය ගැන ඉන්දීය කොංග්‍රසයෙන් ඉඟියක්.

Sunday, 03 November 2013 - 19:11

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%9F%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීමට ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං අවසන් තීරණයක් ගනු ඇති බව ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ උත්තරීතර මණ්ඩලය උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය අද (03) වාර්තා කළා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සම්බන්ධයෙන් ඉන්දියාව තුළ මේ වන විට පක්ෂව සහ විපක්ෂව අදහස් රැසක් ඉදිරිපත් වී තිබෙනවා. රාජ්‍ය නායක සමුළුවට ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වයට එරෙහිව දැඩිව පෙනී සිටින්නේ තමිල්නාඩුවේ දේශපාලන පක්ෂයි. පසුගිය දින කිහිපය පුරා උද්ඝෝෂණ හා විරෝධතා දක්වමින් තමිල්නාඩු දේශපාලන නියෝජිතයන් සිය විරෝධය ඉන්දීය මධ්‍යම රජය වෙත පළ කළා. මෙවැනි පසුබිමක් තුළයි පසුගිය දා ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ උත්තරීතර මණ්ඩලය මේ පිළිබද අවසන් තීරණයක් ගැනීමට රැස්වුණේ. එහිදී කොංග්‍රස් සභිකයන් සිය අදහස් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබුණා. මෙම අදහස් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වනු ඇති බවටයි ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ උත්තරීතර මණ්ඩලයේ අදහස් වී ඇත්තේ.

තමිල්නාඩුවේ ද්‍රවිඩ මුන්නේත්‍ර කලගම් පක්ෂ නායක මුත්තුවෙල් කරුණානිධි හා ඉන්දීය මධ්‍යම රජයේ මුදල් අමාත්‍ය පී. චිදම්බරන් අතර මේ පිළිබද විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. එහිදී ද කරුණානිධි පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවට ඉන්දීය සහභාගීත්වය පිළිබද දැඩි විරෝධය පළ කර ඇති බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
 
මේ වන විට ඉන්දීය මධ්‍යම රජයේ ප්‍රබල දේශපාලන නියෝජිතයන් ද පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සහභාගිත්වයට පක්ෂව සහ විපක්ෂව සිය අදහස් ඉදිරිපත් කරමින් සිටිනවා. ඉන්දීය මධ්‍යම රාජයේ මුදල් අමාත්‍ය පී. චිදම්බරන්, ආරක්ෂක අමාත්‍ය ඒ.කේ. අන්තෝනි හා එරට නාවික ඇමති ජී.කේ වාසන් විරුද්ධව අදහස් පළ කරන දේශපාලනඥයන් අතර වනවා. කෙසේ වුවත්, ඉන්දීය විදේශ අමාත්‍ය සල්මන් කුර්ෂිඞ් ජාතික ආරක්ෂක උපදේශක ශිවෂංකර් ඇතුළු විදේශීය විදේශ අමාත්‍යාංශ බලධාරීන්ගේ අදහස වී ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි විය යුතුය යන්නයි. ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු සංවිධානය කිරීම ඉන්දීය විදේශ අමාත්‍යාංශය විසින් මේ වන විටත් ආරම්භ කර ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන්.
 
මේ අතර, තමිල්නාඩු දේශපාලන පක්ෂයක් වන විඩතලෙයි සිරතයිගල් පක්ෂ නායක තොල්තිරුමාවලවන් ද ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සම්බන්ධයෙන්  නිවේදනයක් නිකුත් කර තිබුණා. එමගින් ඔහු ප්‍රකාශ කළේ පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහභාගිවීම සම්බන්ධයෙන් කොංග්‍රස් උත්තරීතර මණ්ඩලය දක්වා ඇති සුබවාදී ස්ථාවරය වෙනස් කළ යුතු බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories