වීඩියෝ :අදත් ගිගුරුම් සහිත වැසි.

Sunday, 03 November 2013 - 19:24

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%3A%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92.
ඉදිරි පැය 24 තුළ දිවයින ආශ්‍රිතව පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් අපර භාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී උතුර, උතුරු නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වලට ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කේ.ඞී. සුජීව සඳහන් කළේ ඇතැම් ප්‍රදේශවලට තද වැසි ද අපේක්ෂා කළ හැකි බවයි. අන්තර්ජාතික කාලගුණික තොරතුරු සපයන වෙදර් ඩොට් කොම් වෙබ් අඩවිය ප්‍රකාශ කළේ හෙට (04) දිනයේ කොළඹ නගරයට වැසි ඇති වීමට සියයට 50 ක සම්භාවිතාවක් පවතින බවයි. මහනුවර නගරයට සියයට 40  ක් වැසි ඇති වීමේ සම්භාවිතාවක් පවතින අතර හම්බන්තොට නගරයට වැසි ඇතිවීමේ සම්භාවිතාව සියයට 50 ක්.

මේ අතර තද සුළං හේතුවෙන් පුත්තලම - වනාතවිල්ලුව, හා මයිලන්කුලම, ඇතුලු ප්‍රදේශ කිහිපයක නිවාස 7 කට හානි සිදුව තිබෙනවා.මුන්දලම, අගුණවිල ප්‍රදේශයේ නිවාස 19 කටද දැඩි සුළං තත්ත්වය හේතුවෙන් හානි සිදුවුණා.

පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පැවසුවේ ප්‍රාදේශිය ලේකම් කාර්යාල හරහා විපතට පත්වූවන්ට සහන සේවා කටයුතු දියත් කර ඇති බවයි.

මේ අතර වනාතවිල්ලුවේ සිට සිලාවතුර හරහා මන්නාරම දක්වා දිවෙන මාර්ගයද අධික වර්ෂාව නිසා ජලයෙන් යටවී ඇති අතර ඒ හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනයද ඇන හිට තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ඊයේ ඇද හැලුනු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ඇලමාර්ග කිහිපයක ජල මට්ටම ඉහළ ගොස් තිබුණා.ඉදිරි පැය 24 තුලදී උතුර, උතුරු නැගෙනහිර, උතුරු මැද, ඌව යන පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කය තුල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

 




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories