පොදු රද මඩුලූ වියදම ජ.වි.පෙ. ප්‍රශ්න කරයි.

Monday, 04 November 2013 - 7:27

%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%BB%E0%B6%AF+%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%96+%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B6%B8+%E0%B6%A2.%E0%B7%80%E0%B7%92.%E0%B6%B4%E0%B7%99.+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.
පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට වැය වන මුදල නිශ්චිතව හෙළි කිරීමට ආණ්ඩුව තවමත් අපොහොසත් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. කොළඹ ඊයේ  කැදවා තිබූ මාධ්‍ය හමුවකදී එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කියා සිටියේ සමුළුව සඳහා වැය කිරීමට අපේක්ෂිත සියලූ මුදල් ණය ලෙස ආණ්ඩුව ලබාගෙන ඇති බවයි.

කෙසේ වෙතත්, විපක්ෂයේ දේශපාලන පක්ෂ ආණ්ඩුවට සිදුකරන මෙම චෝදනා සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කරන යෞවන කටයුතු සහ නිපුණතා අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගෙන් විමසීමක් කළා.  එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව දෙස දේශපාලන ඇසකින් බැලීම අසාධාරණ බවයි. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව මෙරටට හිමිවූ ඓතිහාසික අවස්ථාවක් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories