ජාත්‍යන්තර මුහුදට ඉන්දීය මුහුදෙන් යන්න එපා.

Monday, 04 November 2013 - 7:30

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F.
ධීවර කටයුතු සඳහා ඉන්දියානු මුහුදු සීමාව හරහා ජාත්‍යන්තර මුහුදට යාමෙන් වළකින ලෙස ධීවර අමාත්‍යාංශය ධීවර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා. ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළේ මේ දිනවල ඉන්දියානු මුහුදු සීමාව හරහා ජාත්‍යන්තර මුහුදු සීමාවට යන ශ්‍රී ලාංකික ධීවරයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක බවයි. එබැවින් ජාත්‍යන්තර මුහුදු සීමාවට පිවිසීම සඳහා මාලදිවයින් මුහුදු සීමාව භාවිතා කරන ලෙස ධීවර නියෝජ්‍ය අමාත්‍යවරයා ඉල්ලීමක් කළා. 
මෙලෙස ඉන්දියානු මුහුදු සීමාව හරහා ජාත්‍යන්තර මුහුදට යාත්‍රා කරමින් තිබූ ශ්‍රී ලාංකික බහුදින ධීවර යාත්‍රා 8 ක් සහ ධීවරයන් 50 දෙනෙකු මේ වනවිටත් ඉන්දීය වෙරළාරක්ෂක බලකායෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories