ඉස්ලාමාබාද් නුවර සුප්රකට රතු පල්ලියෙන් සන්නද්ධ කණ්ඩායම් පලවා හැරීම සඳහා සිදුකළ මෙහෙයුම පිළිබද නඩු විභාගයේ දී පාකිස්තානයේ හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ්ට අද (04) ඇප නියම කෙරුණා. 2007 වසරේ සිදුකළ එම මෙහෙයුමේ දී ඉස්ලාම් පූජකවරයෙකු ඇතුළු 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා. ඉන් අනතුරුව අන්තවාදී ප්රහාර රැසක්ම දක්නට ලැබුණා. හිටපු ජනාධිපති මුෂාරෆ් ඇමරිකානු ඩොලර් 2000ක වටිනාකමකින් යුත් ඇප බැඳුම්කර මත මුදා හැරුණු බවයි පාකිස්තාන වාර්තා සඳහන් කළේ. හිටපු ජනාධිපති මුෂාරෆ්ට තවදුරටත් රටින් පිටවීමට නොහැකි වන ලෙස අධිකරණ නියෝග ක්රියාත්මකයි.
Follow US
Most Viewed Stories