Update : වීඩියෝ: හර්මන් ගුණරත්නට ඇප.

Monday, 04 November 2013 - 19:32

Update+%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B7%84%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4.
දකුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්නගේ පියා වන හර්මන් ගුණරත්න ඇප මත මුදාහැරීමට මාතර මහේස්ත්‍රාත් රුවන් සිසිර කුමාර අද නියෝග කළා. ඒ, රුපියල් 25 000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි. මාතර මහනගර සභාව ඉදිරිපිට දී ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයන් 5 දෙනෙකු ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගැනුනු හර්මන් ගුණරත්නට ඊයේ මාතර මහාධිකරණය ඇප ලබාදුන්නා. එහෙත් ඊට පෙර මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ විත්තිකරු මේ මස 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකළා. කෙසේ වෙතත් ඊයේ පස්වරුවේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට විත්තිකාර හර්මන් ගුණරත්නගේ නීතිඥවරු මෝසමක් ඉදිරිපත් කළ අතර එහිදී  ඇප අත්සන් කිරීම සඳහා ඥාතීන් දෙදෙනෙකු නොමැතිවීම හේතුවෙන් මෙම මෝසම සළකා බැලීම අදට කල් දැමුණා. අද පෙරවරුවේ මෝසම සළකා බැලීමෙන් පසුවයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය මොහුට ඇප ලබාදී ඇත්තේ.  


Update : Tuesday, 05 November 2013 - 10:51 AM
--------------------------------------------------------
හර්මන් ගුණරත්න යළිත් රිමාන්ඩ්.

දකුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්නගේ පියා වන හර්මන් ගුණරත්න මේ මස 18 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතර මහේස්ත්‍රාත් රුවන් සිසිර කුමාර අද (04) නියෝග කළා. ඒ, මාතර මහනගර සභාව ඉදිරිපිට දී ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයන් 5 දෙනෙකු ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාවටයි.

අද (04) පෙරවරුවේ විත්තිකාර හර්මන් ගුණරත්න මාතර මහේස්ත්‍රාත් රුවන් සිසිර කුමාර හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඇප ඉල්ලා සිටියා. එහෙත් ගිනි අවි ආඥා පනත යටතේ මහේස්ත්‍රාත් අධිකරණයකට ඇප ලබාදීමට බලයක් නොමැති බව පවසමින් හර්මන් ගුණරත්න මේ මස 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. එහෙත් මීට සති තුනකට පමණ පෙර මෙම චෝදනාව යටතේම විත්තිකාර හර්මන් ගුණරත්නගේ නීතිඥයන් මාතර මහාධිකරණය හමුවේ ඇප අයඳුම්පතක් ඉදිරිපත් කර තිබුණා. එම ඇප අයදුම්පත අද (04) සලකා බැලූ මාතර මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත සිල්වා විත්තිකරු රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළා.

කෙසේ වෙතත්, මාතර මහාධිකරණයෙන් හර්මන් ගුණරත්නට ඇප ලබාදීමට පෙරයි ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාතර මහේස්ත්‍රාත්වරයා නියෝගයක් ලබාදී තිබුනේ. මේ නිසා හර්මන් ගුණරත්නගේ නීතිඥයින් ඇප ඉල්ලා මහේස්ත්‍රාත් අධිකරණයට අද (04) පස්වරුවේ මෝසමක් ඉදිරිපත් කළ නමුත් ඇප ලබාදීමට ඥාතීන් දෙදෙනෙකු නොමැතිවීම හේතුවෙන් මෝසම සලකා බැලීම හෙටට කල් තැබීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

මෙම නඩුව යළි මේ මස 25 වන දා කැදවනු ඇති. එදිනට මෙම නඩුවේ දැනට මුදා හැර ඇති සැකකරුවන් 74 දෙනාටම අධිකරණයේ පෙනී සිටින ලෙස ද මීට පෙර නියෝගයක් ලබාදී තිබුණා.

මීට අමතරව පසුගිය 5 වන දා එක්සත් ජාතික පක්ෂ දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් මෛත්‍රී ගුණරත්න පාර්ශවයේ තවත් දෙදෙනෙකු අද (04)අධිකරණයට භාර වුණා. ඔවුන් මාතර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇපයක් මත මුදා හැරීමටයි නියෝග කෙරුණා.   

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර සහ එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක අද (04) මානව හිමිකම් කොමිසම වෙත පැමිණියා. එහිදී මාතර සිද්ධියෙන් විපතට පත්වූවන්ගේ මානව අයිතීන් සුරක්ෂිත කරන ලෙස ඉල්ලමින් ඔවුන් එම කොමිසම හමුවේ පැමිණිල්ලක් ගොනුකළා. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර කියා සිටියේ සිද්ධිනේ තුවාල ලැබූවන්ට මෛත්‍රී ගුණරත්නගේ පියා වන හර්මන් ගුණරත්නගෙන් වන්දියක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories