Update : වීඩියෝ : බණ්ඩාරවෙල බස් රිය අනතුරේ ලංගම රියදුරු රක්ෂිත බන්ධනාගාරයට.

Tuesday, 05 November 2013 - 7:43

Update+%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B7%99%E0%B6%BD+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7.
බණ්ඩාරවෙළ - පූනාගල - මාර්ගයේ මාපිටිය ප්‍රදේශයේදී ශ්‍රී ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරලී පුද්ගලයන් දස දෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම බස් රථයේ රියදුරු ඊයේ පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා. මෙම අනතුරින් තුවාල ලැබු 41 හැවිරිදි ලංගම බස් රථයේ රියදුරු දියතලාව රෝහලේ ප්‍රතිකාර ලැබූ අතර ඊයේ දිනයේ මුදා හැරුණා. ඉන් අනතුරුව පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු ඔහු ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.



Update
Friday, 08 November 2013 - 7:42 AM

-----------------------------------------------------------
10 දෙනෙකුට මරු කැදවූයේ මීදුම ද?

බණ්ඩාරවෙල - පූනාගල - 9 කණුව මාපිටිය ප්‍රදේශයේ ඊයේ (04) පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී, 18 දෙනෙකුට තුවාල සිදුවූ අනතුරට ප්‍රදේශයේ පැවැති දැඩි මීදුම් තත්ත්වය බලපා තිබිය හැකි බව බදුල්ල පොලීසිය පවසනවා. කෙසේ වෙතත්, ඉදිරි පරීක්ෂණවලදී ශ්‍රී ලංගම බස් රථයේ තිරිංග ක්‍රියාකාරීත්වය සහ ධාවන තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරනු ඇති.



Tuesday, 05 November 2013 - 1:44 PM
--------------------------------------------

බණ්ඩාරවෙල බස් අනතුරින් මිය ගිය සංඛ්‍යාව 10 දක්වා ඉහළට.

බණ්ඩාරවෙල - පූනාගල - 9 කණුව - මාපිටිය ප්‍රදේශයේ දී ශ්‍රී ලංගම බස් රථයක් ඊයේ (04) පස්වරුවේ අඩි 350ක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරින් මිය ගිය සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතර කාන්තාවන් 5 දෙනෙකු ද සිටින බව සඳහන්.  අනතුරෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයන් 18 දෙනෙකු බදුල්ල, බණ්ඩාරවෙල සහ දියතලාව යන රෝහල්වල ප්‍රතිකාර ලබනවා. මිය ගිය පුද්ගලයන්ගේ සිරුරු 8ක් බණ්ඩාරවෙල රෝහලේ තැන්පත් කර ඇති අතර අනෙක් සිරුරු දෙක දියතලාව රෝහලේ තැන්පත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. තුවාල ලැබූවන් අතර බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා ද සිටින බව පොලීසිය ප්‍රකාශ කළා.

 
බණ්ඩාරවෙල සිට පූනාගල දක්වා ධාවනය වෙමින් තිබියදීයි මෙම ලංගම බස් රථය අනතුරට ලක්වූයේ. අනතුර වාර්තා වීමත් සමඟම යුධ හමුදාව, පොලීසිය සහ ප්‍රදේශවාසීන් ජීවිතාරක්ෂක මෙහෙයුමක නිරත වූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ. මිය ගිය පුද්ගලයන්ගේ සිරුරු පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණ අද සිදුකිරීමට නියමිතයි. අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. එහෙත් රියදුරුගේ නොසැලකිලිමත් බව ඊට හේතුවන්නට ඇති බව පොලීසිය විශ්වාස කරනවා. එමෙන්ම අනතුර සිදුවන අවස්ථාවේ ප්‍රදේශයේ අයහපත් කාලගුණයක් පැවැති බවයි වාර්තා වන්නේ.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories