බොදු බල සේනා යළි පුරාවිද්‍යාව සමග ගැටේ.

Wednesday, 06 November 2013 - 7:37

%E0%B6%B6%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%B6%E0%B6%BD+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%9A.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මැදිහත් වී පුරාණ වෙහෙර විහාරවල දැනට සිදුකරන සියලූ කැණීම් නවතන ලෙස බොදු බල සේනා සංවිධානය ඉල්ලීමක් කරනවා. කොළඹ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකදී එම සංවිධානයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මේ බව කියා සිටියා. උන්වහන්සේ එහිදී සඳහන් කළේ විවිධ ස්ථානවලින් සොයාගත් සර්වඥ ධාතූන් වහන්සේලාට නිසි ගෞරවයක් නොලැබෙන පරිදි තැන්පත් කර තිබීම ඊට හේතුව බවයි.

 
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එල්ල කරන ලද මෙම චෝදනාව සම්බන්ධයෙන් ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරියගෙන් හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළා. අමාත්‍යවරයා සඳහන් කළේ එවැනි ගැටළු පවතී නම් බොදුබල සේනා සංවිධානය පළමුව තම අමාත්‍යාංශය දැනුවත් කළ යුතු බවයි. එවිට ඊට අදාළ පියවර ගත හැකි බව ද ඔහු කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories