වීඩියෝ: ශ්‍රී ලංගම රියදුරු, කොන්දොස්තරවරුන්ට ජංගම දුරකථන තහනම්.

Wednesday, 06 November 2013 - 19:13

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94%2C+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%A2%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.
බණ්ඩාරවෙළ - පූනාගල - මාපිටිය ප්‍රදේශයේදී ශ්‍රී ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් මිය ගිය දස දෙනාගෙන් 09 දෙනෙකුගේ අවසන් කටයුතු ඔවුන් පදිංචිව සිටි  ප්‍රදේශවලදී අද සිදු කෙරුණා. එහෙත් අනතුරින් මියගිය බණ්ඩාරවෙල - අඹදන්ඬේගම පදිංචි නිමේෂිකා තිසාරි නමැති 16 හැවිරිදි පාසල් සිසුවියකගේ අවසන් කටයුතු අද සිදු කෙරුණේ නැහැ. ඒ, සෞදි අරාබියේ ගෘහ සේවයට ගොස් සිටින ඇගේ මව නැවත මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වීම හේතුවෙන්.

 

මියගිය පාසල් සිසුවියගේ ඥතීන් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ මව ගෙන්වා ගැනීම සදහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතුළු සෑම ආයතනයකටම දැනුම් දී ඇති බවයි. නිමේෂිකාගේ මව ආර්. එම් මල්ලිකා කුසුමලතා සෞදියේ ගෘහ සේවයට ගොස් ඇත්තේ මීට මාස 11කට පමණ පෙරයි. නමුත් කුඩා කාලයේ සිට මේ දක්වා නිමේෂිකා ඇගේ නැන්දනියගේ භාරයේ හැදී වැඩී තිබෙනවා. බණ්ඩාරවෙල කුඩාකුසුම් බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඇය ලබන මස පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට ද පෙනී සිටීමට නියමිතව සිටියා. ඊට අදාල අතිරේක පන්තියකට සහභාගි වී නැවත පැමිණෙමින් සිටියදී පෙරේදා ඇය මෙම අනතුරට ලක්වුණා. ඇයගේ ඥතීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ හෙට දිනයේදී හෝ දියණියගේ අවසන් කටයුතු සිදු කිරීමට ඇගේ මව මෙරටට ගෙන්වා දෙන ලෙසයි.

කෙසේ වෙතත් මියගිය දැරියගේ මව හෙට දිනයේ මෙරටට ගෙන්වාගැනීම සඳහා කටයුතු කර ඇති බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය පැවසුවේ.


ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගමද ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් දසදෙනාටම අද දිනයේ  අවසන් ගෞරව දක්වනු ලැබුවා. එමෙන්ම දැනට අනතුරින් තුවාල ලබා ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සුවදුක් විමසීම සඳහා බණ්ඩාරවෙල, දියතලාව රෝහල් වෙත පැමිණියා. එහිදී අමාත්‍යවරයා මියගිය පුද්ගලයෙකු හට රුපියල් 25,000 ක වන්දි මුදලක් ද අනතුරෙන් තුවාල ලැබූවන්ට රුපියල් දස දහසක බැගින් වන්දි මුදලක් ද පිරිනමා තිබෙනවා.   

 
මේ අතර, වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංගම බස් රථ රියදුරන්ට සහ රිය සහයකයින්ට රාජකාරි වේලාව තුළ ජංගම දුරකථන භාවිතය තහනම් කර තිබෙනවා. ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම ලබාදුන් නියෝගයකට අනුව මීට අදාළ චක්‍රලේඛය අද දිනයේම සියලූම ඩිපෝ වෙත යැවීමට කටයුතු කළ බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ උප සභාපති එල්.ඒ.විමලරත්න කියා සිටියේ.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories