පලස්තීන හිටපු නායක යසර් අර්ෆත්ට, වස දීලා.

Thursday, 07 November 2013 - 7:32

%E0%B6%B4%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%BA%E0%B7%83%E0%B6%BB%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B7%86%E0%B6%AD%E0%B7%8A%E0%B6%A7%2C+%E0%B7%80%E0%B7%83+%E0%B6%AF%E0%B7%93%E0%B6%BD%E0%B7%8F.
පලස්තීනයේ හිටපු නායක යසර් අර්ෆත් වස වර්ගයක් ශරීරගතවීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව තහවුරු වී තිබෙනවා. ස්විට්සර්ලන්තයේ සිදුකළ පරීක්ෂණයකින් මේ බව තහවුරු වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඒ අනුව, පොලෝනියම් නමැති රසායනිකය මියගිය පලස්තීන නායකයාගේ සිරුරේ තිබී සොයා ගෙන තිබෙනවා. 2004 වසරේදී හෘදයාබාධයක් හා ඇතිවූ සංකූලතා හේතුවෙන් පලස්තීන හිටපු නායකයා ජීවිතක්ෂයට පත්වුණා. අනතුරුව, ඔහුට වස ලබාදී ඝාතනය කර ඇති බවටයි පාර්ශව ගණනාවකින් චෝදනා එල්ල වුණේ. ඒ අනුව, මිහිදන් කළ ඔහුගේ සිරුර 2012 වසරේදී යළි ගොඩගෙන මේ පිළිබඳව පරීක්ෂණයක් සිදුකළා. ඒ අනුවයි, ස්විට්සර්ලන්තයේ සිදුකළ පරීක්ෂණයකදී ඔහුගේ සිරුරේ තිබී පොලෝනියම් නමැති රසායනිකය සොයා ගෙන ඇත්තේ.

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories