බණ්ඩාරවෙල පැය 02 ක් නිහඬ වෙයි.

Thursday, 07 November 2013 - 18:56

%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B7%99%E0%B6%BD+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+02+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%84%E0%B6%AC+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
සුදු පැහැති කොඩිවලින් සැරසුණු බණ්ඩාරවෙල නගරය අද (07) පස්වරුවේ සම්පූර්ණයෙන්ම නිහඬතාවයක ගිලී ගියා. ඒ, පූනාගල - 09 කණුව - මාපිටිය ප්‍රදේශයේදී සිදුවු අවාසනාවන්ත බස් රථ අනතුරෙන් මියගිය තවත් 08 දෙනෙකුගේ අවසන් කටයුතු හේතුවෙන්. අද (07) පස්වරු තුනේ සිට පහ දක්වා නගරයේ සියළුම කඩසාප්පු වසා දැමුණේ අනතුරින් මියගිය ප්‍රදේශවාසීන්ට ශෝකය පළ කිරීම උදෙසායි.

මගීන් 50 ක් පමණ ගමන්ගත් මෙම ශ්‍රී ලංගම බස් රථය අඩි 350 ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් අනතුරකට ලක්වුණේ පසුගිය 04 වැනිදා සවස 6.50 ට පමණ. එහිදී මියගිය සංඛ්‍යාව 10 ක්. 18 දෙනෙකු තුවාල ලැබුවා. මියගිය අය අතර කාන්තාවන් 05 දෙනෙකු සිටිනවා. ඊයේ (06) දිනයේ දෙදෙනෙකුගේ අවසන් කටයුතු සිදුකෙරුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories