Update : බ්‍රිතාන්‍ය අගමැතිට පිළිතුරු දීමටත් ශ්‍රී ලංකාව සූදානම්.

Friday, 08 November 2013 - 8:46

Update+%3A+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහභාගිවීම අනිවාර්ය කරුණක් නොවන බව ඉන්දීය විදේශ අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් ප්‍රකාශ කළා. ඉන්දීය මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් පළකර ඇත්තේ අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගි නොවීම පිළිබඳව අදහස් දක්වමින්.

කෙසේ වෙතත් මන්මෝහන්ගේ තීරණය පිළිබඳව කරුණානිධි ඇතුලූ තමිල්නාඩු දේශපාලනඥයන් පිරිසක් ප්‍රසාදය පළකර ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. ඒ අතරම ඇතැම් ඉන්දීය මාධ්‍ය අවධාරණය කර තිබුණේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමුළුවට සහභාගි නොවුණත් පාකිස්ථාන අගමැති නවාෂ් ෂරිෆ් ඊට සහභාගි වන බවයි. එසේම ඉන්දියාවේ මෙම ක්‍රියාපිළිවෙත නිසා ආසියාවේ බලවතා වන චීනය ශ්‍රී ලංකාවට තව තවත් ළංවන බවට වන විශ්ලේෂනයන්ද ඉන්දීය මාධ්‍ය අද ඉදිරිපත් කළා. 

මේ අතර මානව හිමිකම් උල්ලංඝනය වීමට අදාළ චෝදනා සම්බන්ධයෙන් තමන් ලක් රජයේ දැඩි අවධානය යොමු කරන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් යළි ප්‍රකාශ කර තිබෙනවා. ඒ, පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සම්බන්ධයෙන් බී.බී.සී. ප්‍රවෘත්ති සේවය සමග පැවති සාකච්ඡාවකදියි. අදාළ ප්‍රශ්නවලට ලක් රජය පිළිතුරු ලබා දිය යුතු බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

කෙසේ වෙතත්  ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු දීමට රජය දැනටමත් සූදානම් බව ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා. ඒ, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් සිදුකර ඇති ප්‍රකාශය පිළිබඳව කළ විමසීමකදියි.

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සාර්ථකව පැවැත්වීම සඳහා මේ වනවිට සියලූ කටයුතු සූදානම් බවද ඔහු කියා සිටියා.

Update :Sunday, 10 November 2013 - 01:02PM

---------------------------------------------------------------------------------

බ්‍රිතාන්‍ය අගමැති කැමරන් ශ්‍රී ලංකාව ගැන පරීක්ෂණයක් ඉල්ලීමට සැරසෙයි.


ඉදිරි පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවේදී  බ්‍රිතාන්‍යය, සියලූ කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමග සුහද සාකච්ඡාවක නිරතවීමට සූදානම් බව එරට රජයේ පොදුරාජ්‍ය මණ්ඩල කටයුතු පිළිබඳ අමාත්‍ය හියුගෝ ස්වයාර් ප්‍රකාශ කළා. මෙහිදී ශ්‍රී ලංකාව ප්‍රගතියක් ලැබිය යුතු අංශ සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ හැකි බවයි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බදාදා පැවති විවාදයෙන් අනතුරුව ඔහු සඳහන් කළේ.

විවාදය පැවැත්වුණේ ශ්‍රී ලංකාව සහ පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව පිළිබඳවයි. මානව හිමිකම්, සංහිඳියාව ගොඩනැගීම සහ දේශපාලන විසඳුම් යන අංශවලින් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරෙනවා. ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති පොදු රාජ්‍ය මණ්ඩල ප්‍රඥප්තියට අනුකූලව එහි අගයන් සුරැකීමේ වැදගත්කම බ්‍රිතාන්‍යය විසින් අවධාරණය කරන බවත් අමාත්‍ය හියුගෝ ස්වයාර් කියා සිටියා. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සමුළුව යථා තත්වය අවබෝධ කරගැනීමට වැදගත්වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සමුළුවට සහභාගි වන තමන් යුද්ධයේදී සිදුවී ඇති බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටීමට සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් පවසනවා. ගාඩියන් පුවත්පත වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සමුළුව වර්ජනය කරන ලෙස ඇතමුන් තමන්ගෙන් ඉල්ලා සිටි නමුදු වඩා හොඳ පියවර වන්නේ ශ්‍රී ලංකාව සමග ගැටළු පිළිබඳව ඍජුව සාකච්ඡා කිරීම බවයි.  සිය ශ්‍රී ලංකා චාරිකාවේදී බ්‍රිතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් උතුරේ සංචාරයක නිරතවනවා. ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු උතුරේ සංචාරය කරන ප්‍රථම බ්‍රිතාන්‍ය අගමැතිවරයා වන්නේද ඔහුයි.

Friday, 08 November 2013 - 12:56
-----------------------------------------------------------------------------------

බ්‍රිතාන්‍ය අගමැති කැමරන් ශ්‍රී ලංකාව ගැන පරීක්ෂණයක් ඉල්ලීමට සැරසෙයි.

Friday, 08 November 2013 - 8:46

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගි වන තමන් යුද්ධයේදී සිදුවී ඇති බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටීමට සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් පවසනවා. ගාඩියන් පුවත්පත වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සමුළුව වර්ජනය කරන ලෙස ඇතමුන් තමන්ගෙන් ඉල්ලා සිටි නමුදු වඩා හොඳ පියවර වන්නේ ශ්‍රී ලංකාව සමග ගැටළු පිළිබඳව ඍජුව සාකච්ඡා කිරීම බවයි.  සිය ශ්‍රී ලංකා චාරිකාවේදී බ්‍රිතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් උතුරේ සංචාරයක නිරතවනවා. ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු උතුරේ සංචාරය කරන ප්‍රථම බ්‍රිතාන්‍ය අගමැතිවරයා වන්නේද ඔහුයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories