Update :වීඩීයෝ: වැලිමඩ බස් අනතුරින් තුවාල ලැබූ 08 ක් බදුල්ලට.

Friday, 08 November 2013 - 8:49

Update+%3A%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B6%A9+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+08+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%A7.
වැලිමඩ - නාවෙල ප්‍රදේශයේදී අද අලූයම පෞද්ගලික බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලැබුවා. අද අලූයම 5.30 ට  හැටන් සිට හපුතලේ දක්වා මංගල උත්සවයකට යාම සඳහා පැමිණි පිරිසක් රැගත් පෞද්ගලික බස් රථයකුයි මෙලෙස අනතුරට ලක්වුණේ. රියදුරාට බස් රථයේ වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන දුරකථන කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. තුවාල ලැබූවන් වැලිමඩ රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් අටදෙනෙකු බදුල්ල රෝහල වෙත මාරු කර යැවුණා.  ඔවුන්ට බරපතල තුවාල සිදුව ඇති අතර හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී බදුල්ල රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. බස් රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රියදුරන්ගේ නොසැලකිල්ල නිසා දිනකට රිය අනතුරු විශාල සංඛ්‍යාවක් සිදුවනවා. පසුගිය 4 වැනිදා බණ්ඩාරවෙළ - පූනාගල - මාර්ගයේ මාපිටිය ප්‍රදේශයේදී  දසදෙනෙකුට මරු කැඳවමින් සිදුවූ රිය අනතුරටද හේතුවූයේ රියදුරුගේ නොසැලකිලිමත්කමයි.





Update Friday, 08 November 2013 - 12:44 PM
-------------------------------------------------------------
වැලිමඩදී සිදුවූ බස් රථ අනතුරකින් 29 කට තුවාල.

වැලිමඩ - නාවෙල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් අනතුරට ලක්වීමෙන් 29 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අද (08) අලූයම 5.30 ට පමණ නාවෙල ප්‍රදේශයේදී හැටන් සිට හපුතලේ දක්වා ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන දුරකථන කණුවක ගැටී ඇති බවයි වැලිමඩ පොලීසිය ප්‍රකාශ කළේ. තුවාල ලැබූවන් වැලිමඩ රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතල තත්ත්වයේ පසුවූ දසදෙනෙකු බදුල්ල රෝහල වෙත මාරු කර යැවූ බව වැලිමඩ පොලීසියේ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories