ශ්‍රී ලාංකික ධීවරයන් 4දෙනෙකු අත්අඩංගුවට.

Friday, 08 November 2013 - 10:35

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+4%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.
ඉන්දියාවේ - කන්‍යා කුමාරි වෙරළට ඔබ්බෙන් මසුන් මැරීමේ නිරතව සිටි බවට චෝදනා ලැබූ ශ්‍රී ලාංකික ධීවරයන් හතරදෙනෙකු රැගත් බෝට්ටුවක් ඉන්දීය වෙරළාරක්ෂකයන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අද ටියුටිකොරීන් වරාය වෙත රැගෙන ඒමට නියමිත බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා. මේ අනුව පසුගිය මාස 2 ක කාලය තුළ ඉන්දීය අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකික  ධීවරයන්ගේ සංඛ්‍යාව 59 දක්වා ඉහළ යනවා. මෙම ධීවරයන් තමන්ට මග වැරදී ඉන්දීය මුහුදට පිවිසි බවයි පවසා ඇත්තේ. කෙසේ නමුත් ඉන්දීය අත්අඩංගුවට පත්වන ශ්‍රී ලාංකික ධීවරයන් මුදාහරිනු ලබන්නේ දීර්ඝ අධිකරණ ක්‍රියාමාර්ගයකින් අනතුරුවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories