පොලිස් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් 23 දෙනෙකුට හදිසියේ ස්ථාන මාරුවීම් ලබාදීම හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ නායකත්ව මණ්ඩල සභාපති කරූ ජයසූරිය කියා සිටියේ මෙම මාරුවීම් තුළින් ස්වාධීන පොලිස් සේවයට බලපෑමක් එල්ලවිය හැකි බවයි. පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව ආරම්භ වීමට ආසන්නවී තිබියදී මෙවැනි ක්‍රියා තුළින් ජාත්‍යන්තරයට වැරදි පණිවුඩයක් ලබාදෙන බවයි ඔහු සඳහන් කළේ. එමෙන්ම මෙවැනි සිදුවීම් වළක්වාගැනීමට රජය කටයුතු කළ යුතු බවද කරූ ජයසූරිය මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
Follow US
Most Viewed Stories