මාලදිවයින් ජනපතිවරණය අද නැවතත්.

Saturday, 09 November 2013 - 8:22

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A.
මීට පෙර පැවැති ජනාධිපතිවරණ වට දෙකකදී නව ජනාධිපතිවරයා තෝරා ගැනීමට නොහැකිවීම හේතුවෙන් මාස තුනක් තුළ තුන්වන වතාවට මාලදිවයින් ජනපතිවරණය අද (09) යළි පැවැත්වෙනවා. අවසන් වරට ජනාධිපතිවරණය සාර්ථක කර ගැනීමට නොහැකි වූයේ නව ඡුන්ද දායක ලැයිස්තුවට අපේක්ෂකයන් අත්සන් නොතැබීම හේතුවෙන්. කෙසේ නමුත් අවසන් මොහොතේ ඒ සඳහා සියලූ අපේක්ෂකයන් එකඟත්වය පළ කර තිබෙනවා. සාර්ථක වුවහොත් මෙය 2012 වසරේ දී හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ්ගේ පාලනය පෙරළා දැමීමෙන් පසු පැවැත්වෙන ප්‍රථම ජනාධිපතිවරණය ලෙස හැදින්විය හැකියි. 2008 වසරේ දී මාලදිවයිනේ පැවැති ප්‍රථම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයේ ජයග්‍රාහකයා වූයේ ද ඔහුයි. ඊට පෙර දශක 3ක් මාලදිවයින පාලනය කළේ  මොහොමඞ් අබ්දුල් ගයුම් විසින්. පසුගිය සැප්තැම්බර් 7 වන දා පැවැති මැතිවරණයේ දී සියයට 45ක් ඡුන්ද ප්‍රතිශතයක් ලැබූ මොහොමඞ් නෂීඞ් අද පැවැත්වෙන මැතිවරණය ජය ගනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories