සමුළුවේ ආරක්ෂාවට පොලිසියේ 20,000ක්.

Saturday, 09 November 2013 - 12:53

%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+20%2C000%E0%B6%9A%E0%B7%8A.
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවේ කටයුතු හෙටින් ඇරඹෙනවා. රාජ්‍ය නායක සමුළුව මේ මස 15 වන දා පැවැත්වුවත් පොදුරාජ්‍ය මණ්ඩල තරුණ සමුළුව සහ මහජන සමුළුව හෙට (10) ආරම්භවීමට නියමිතයි. මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණ සමුළුව හම්බන්තොට දී පැවැත්වෙන අතර මහජන සමුළුව පැවැත්වෙන්නේ හික්කඩුවේදියි. සමුළුවට සහභාගි වන නියෝජිතයන් සහ රාජ්‍ය නායකයන් අද සිට දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ජාතික තරුණ සේවා සභාවේ සභාපති ලලිත් පියුම් පෙරේරා සඳහන් කළේ මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණ සමුළුවට රටවල් 41 ක තරුණ නායකයින් සහභාගි වන බවයි.

 
පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණගෙන් විමසීමක් කළා. 20,000ක ආරක්ෂක බල ඇණියක් පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව වෙනුවෙන් මේ වන විටත් සූදානම් බවයි ඔහු සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories