ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමේ තවත් සැකකරුවෙකු සොයයි.

Saturday, 09 November 2013 - 15:21

%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%A2+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
මහා පරිමාණයෙන් ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර රට පුරා බෙදා හැරීමේ නිරත වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. කම්මල්ගොඩ ලියනගේ බන්දුල කුමාර නමැති මෙම පුද්ගලයා අංක 473 න් 16 පොතුඅරාව පාර, මාලඹේ ප්‍රදේශයේ පදිංචිව සිටි බවටයි අනාවරණ වී ඇත්තේ. මොහු පසුගියදා ව්‍යාජ රුපියල් 2000 නෝට්ටු මුද්‍රණය කර අලෙවි කිරීමේ ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු නවාතැන් ගෙන සිටි නිවසේ හිමිකරු බවට අනාවරණ වී තිබෙනවා. මෙම පුද්ගලයා මේ වනවිට මාලඹේ ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර සැකකරු පිළිබඳ තොරතුරක් වෙතොත් 0112 422 176 , 0112 326 670 හෝ 0112 320 141 යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලීමක් කරනවා. මෙම සැකකරුගේ ඡායාරූපය ද පොලිස් මූලස්ථානය විසින් ප්‍රසිද්ධ කර තිබෙනවා. 

[JPG]71052_1[/JPG]


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories